“මේවා කලින් අපි ඇහුවානම් ඊයේ නැති වෙච්ච ජීවිත 300ම බේර ගන්න තිබ්බා” යැයි සටහනක් යොදමින් ඉරාජ් වීරරත්න තම නිළ ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කර තිබෙනවා…
ඥානසාර හිමිද විවේචනය කරමින් මීට ඉහතදී “මනුසතා” නමින් ඉරාජ් වීරරත්න වීඩියෝවක් නිර්මාණය කර තිබූ අතර එම වීඩියෝවද විශේෂ සටහනක් යොදමින් අද යලි ෆේස්බුක් වෙත එක් කර තිබුනා..
එම සටහනේ දැක්වෙන්නේ
“මම ඥානසාර හාමුදුරවන්ගේ හැසිරීම විවේචනය කරා..එතුමාගේ හැසිරීම කිසිසේත් අනුමත නොකලත් අද වෙනකොට හිරේ ඉන්න ඔහු කියපු සමහර දේවල් ඇත්ත වෙලා තියනවා…” යනුවෙනි.