Colombo Today Local News

ඊයේ පිපුරුණු දෙමටගොඩ නිවසේ හිමිකාර හාජ්ජියාර් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙක්?

ඊයේ සිදුවූ අන්තවාදී ප්‍රහාරයට සැකපිට දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සුප්‍රසිද්ධ හාජ්ජියාර් යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම් නැමති පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේන් 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වූ පුද්ගලයෙකු බවට ප්‍රචාරයක් පැතිර යමින් පවතිනවා.

ඒ පිළිබඳව අප සිදුකල සොයාබැලීමකදී ජනතා විමුක්ති පෙරමුණ විසින් 2015 මැතිවරණය සඳහා ඉදිරිපත් කල ජාතික ලැයිස්තු නාම ලේඛනයේ “අල්හාජ් මොහොමඩ් ඉබ්‍රහිම්” නමැති පුද්ගලයෙකු ඉදිරිපත් කර ඇති බව දක්නට ලැබුනා.

යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම් නැමති පුද්ගලයාගේ දෙමටගොඩ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී ෆාතිමා ජෙෆ්රි නමැති කාන්තාවක් බෝම්බයක් පුපුරුවාගත් අතර ඇය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තාගේ බිරිඳ බවද සඳහන්.

Related posts

කොරෝනා පාලනය කරගත නොහැකි වුවහොත් කතෝලික පාසල් සියල්ල වසා දමනවා

colombotoday

අත්අඩංගුවේ සිටි ආවා සැකකරුවන් ඇප මත නිදහස්

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යල නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇමති දහයක අනුකමිටුවක්…

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

colombotoday

ලංගම ය සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලට බිලියන 10ක් ණයයි

colombotoday

මහේෂ් තීක්ෂණ ස්කෑන් පරීක්ෂණයකට

Admin