Colombo Today Local News

මාධ්‍ය නිදහස් දර්ශකයේ ලංකාවට හිමි අලුත්ම තැන…

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව සීමාවන් රහිත වාර්තාකරුවන්ගේ සංගමය (Reporters without Boarders) පවසයි. ඒ අනුව රටවල් 180ක් අතරින් මේ වසරේදී ශ්‍රී ලංකාව 126වැනි ස්ථානයට පත්ව තිබේ.

2013 වසරේදී ශ්‍රී ලංකාව 162 වැනි ස්ථානයේ සිටි අතර මෙසේ ගතවූ වසර කිහිපය තුළ ක්‍රමයෙන් 126 දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ලෝකයේ මාධ්‍ය නිදහස ඉදිරියෙන්ම පසුවන රට ලෙස නෝර්වේ ඉදිරියෙන්ම පසුවෙයි. ලෝකයේ මාධ්‍ය නිදහස අවම රට ලෙස ටර්කිමේනිස්තානය පත්ව තිබේ. චීනයේ රටවල් 180 අතරින් 177 වැනි ස්ථානයේ පසුවෙයි.

දකුණු ආසියානු රටවල් ගත් විට බංග්ලාදේශය – 150, පාකිස්තානය 142, ඉන්දියාව -140, ඇෆ්ගනිස්ථානය 121, නේපාලය 106,  මාලදිවයින 98, භූතානය 80 යන ස්ථානයන්හි පසුවෙයි.

Related posts

මහින්දගේ ආණ්ඩු විරෝධී ජාතික පෙරමුණ ළගදීම

colombotoday

අරාබි පාසල්වල අන්තවාදය නෑ කියා මුස්ලිම් කටයුතු ඇමති කියද්දී, ආයුද පුහුණුව දුන් අරාබි පාසලක් දුම්මලසූරියෙන් හමුවෙයි…

colombotoday

ඇමෙරිකා දූත පිරිස හා ජනපති අතර හමුවක්

colombotoday

නව වසරේ ජනපතිගේ අපෙක්ෂාව !

colombotoday

“අසල්වැසියන්ට ප්‍රේම කරමු.. අපට කෙළවුණත් ETCA ගෙනත් ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය විසදමු“ – ඉරාජ්

colombotoday

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

colombotoday