Colombo Today Local News

ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල අවසන් අදියරට

ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල අනුව එම ඖෂධ වර්ගවල වෙළෙඳපොල මිල ගණන් විශ්ලේෂණය මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව එම මිල ගණන් විශ්ලේෂණය කර ඇති බවයි.

පිළිකා නාශක ඖෂධ වර්ග ද මෙම ඖෂධ වර්ග 27 අන්තර්ගත වේ.

මේ වනවිට මිල නියාමනය කර ඇති ඖෂධ වර්ග සංඛ්‍යාව 73 කි.

ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් ප්‍රකාශයට පත් කරන අතර ඉන් පසු පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රුපියල් මිලියන 40 ක මුදලක් වැය කරමින් ඉදි කරන ලද පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Related posts

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

colombotoday

මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතුයි

colombotoday

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක්

Admin

උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

colombotoday

තුන්දූවේ අගුලු අරී..

colombotoday

මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සැලසුම් කළ වැටලීම් පිළිබඳ තොරතුරු වෙලේ සුදාට ලැබුණු හැටි හෙළි වේ

colombotoday