Colombo Today Local News

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය 
පසුගියදා මහගම සේකර ශුරීන්ගේ 90 වන ජන්ම දින උත්සවය වෙනුවෙන් එතුමාගේ ගී, කවි, නවකතා ඇතුළු සියලු නිර්මාණ අගයමින් පැවැත් වූ වැඩසටහන ආවරණයට කිසිම මාධ්‍ය ආයතනයක් ගොස් නොතිබුණු බවට චෝදනාවක් අසන්නට ලැබුණි. එයින් මම කම්පාවට පත් වුනෙමි. ශ්‍රී ලාංකික කළා කෙත අස්වැද්දු විශිෂ්ඨයෙකු වූ එතුමාට එහෙම සළකන අපේ මාධ්‍ය හොරුන්ට, දුශිතයින්ට, වංචාකාරයින්ට සැමදාම වෙන් කරන ගුවන් කාලය ගැන ඇත්තේ අප්පිරියාවකි, හිරිකිතයකි.


සෑම රුපවාහිනී නාළිකාවක සවස ප්‍රධාන ප්‍රවෘත්ති වැඩිම විනාඩි 30 යි. රටේ හැමෝම වැඩිපුරම බලන්නෙත් මේ ප්‍රවෘත්තියි. එහෙත් අවාසනාවකට හැමදාම මාකඳුරේ මදුෂ්ලා වගේ මිනී මරුවෝ, කම්බ හොරු, කුඩු රජවරු, දුශිතයෝ, වංචාකාරයෝ, අපරාධකාරයෝ ගැන මෙන්ම රටම උලා කාපු දුෂිත, වංචනික දේශපාලුවන් ගැන සෑමදාම රස කර කර පෙන්වන්න විශාල ලෙස යොදවන ගුවන් කාලය මහා අපරාධයක්. කොච්චර වැදගත්, අර්ථවත්, සුබවාදී ප්‍රවෘත්ති තිබිලත් ඒවාට එක විනාඩියක ගුවන් කාලයක් ලබා ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක් කියලයි එම ආයතන වලම සේවය කරන හිතවතුන් පවසන්නේ.


අපේ මාධ්‍ය ආයතන වල ඉන්න සහෝදර මාධ්‍යවේදීන්ට මේ පිළිබඳව නොතේරීම රටේත් ජාතියේත් අවාසනාවක්. ගඳ ගහන ජරාවම තමයි වැඩිපුරම පෙන්වන්නේ. මම හිතන්නේ නැහැ ජනතාව මේ ජරාවම හැම තිස්සෙම ඉල්ලනවා කියලා? වගකිවයුත්තෝ මේ වගේ රටවලට ඇවිත් අඩුම තරමින් සති දෙක තුනක් වත් නැවතිලා මාධ්‍ය භාවිතය ගැන ඉගෙන ගෙන යනවානම් අනාගත රටටත්, මතු පරපුරටත් ඒවගේම මාධ්‍ය කලාවටත් යහපතක්ම වෙයි. එසේ නොවුණහොත් ප්‍රේක්ෂකයා නුදුරේම මේ සියලු නාළිකා නොබලන තත්වයකට පත්වෙනවා නොඅනුමානයි.


ජනක අලහප්පෙරුම 
ප්‍රධාන කර්තෘ- Ceylon UK පුවත්පත 
(ශ්‍රී ලංකාවේ රුපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත් හා වෙබ් අඩවි රාශියක ලංඩන් වාර්තාකරු)

Related posts

සදුදා සිට ත්‍රීරෝද රථ ගාස්තුවත් පහළට…

colombotoday

ප්‍රබල කොටි 127කට නිකුත් කර තිබූ ඉන්ටර්පෝල් රතු වරෙන්තු ඉවත් කරලා !

colombotoday

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් සංකේත වර්ජනයක

colombotoday

පාලමක් අසල කලපුවේ නාඳුනන පුද්ගල මළසිරුරක්

Admin

ක්‍රීඩා ඇමති නාමල් ඇතුළු පිරිසකට නොතීසි

colombotoday

ජනපදකරණයට බදියුදීන්ට වරයක්… පරණ ඇමතිකමට අමතරව මෙවර ලැබුණු අලුත් උසස්වීම් මෙන්න…

colombotoday