Colombo Today Local News

මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා හොර රහසේම වෙනත් රටකට පලා යෑමේ සැලසුමක් කි‍්‍රයාත්මක කරමින් සිටින බවට තොරතුරු ශී‍්‍ර ලංකා පොලිසියේ බුද්ධි අංශ වෙත ලැබී ඇත.

ඩුබායි රාජ්‍යයේ සිටින මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ ඇතුළු පාතාල සගයන් පිරිසක් විසින් මෙම සැලසුම සකස් කර ඇති අතර මේ වනවිට එය කි‍්‍රයාවට නංවා ඇති බව ද වාර්තා වේ.

මාකඳුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පුද්ගලයන් 20 දෙනෙක් පමණ මේ වනවිට ඩුබායි රාජ්‍යයේ අල් රෆා පොලිසියේ රඳවා සිටිති. ශී‍්‍ර ලංකා පොලිසිය සහ ප‍්‍රති විරුද්ධ පාතාල කල්ලි තම ජීවිතයට විශාල තර්ජනයක් එල්ල කර ඇති බැවින් තමන් ශී‍්‍ර ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව ද එරටින් ලැබෙන වාර්තා පවසයි.

මාකඳුරේ මධුෂ් කෙසේ හෝ උත්සාහ කරන්නේ ශී‍්‍ර ලංකාවට නොපැමිණ වෙනත් රටකට පලා යෑමට බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයකු වූ කංජිපානි ඉම්රාන් නමැත්තා ඩුබායි පොලිසියෙන් මුදා හැරීමෙන් පසු හොර රහසේම මාලදිවයිනට පලා යෑමට උත්සාහ කළේය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි අවධානයකින් සිටීම නිසා මෙම පාතාල නායකයා ඇතුළු සගයන් සිවු දෙනකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ඩුබායි පොලිසිය භාරයේ සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එකම අවස්ථාවකවත් මුදා නොහැර ඔවුන් වරින් වර නිදහස් කරන්නේ මධුෂ්ට රටින් පලා යෑමට ඉඩකඩ සලසා දීමට දැයි සැකයක් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

මධුෂ් හොර රහසේම පලා යෑමට සැළසුම් කරමින් සිටින බවට තොරතුරු ලැබීමෙන් පසු මොහු කෙසේ හෝ අත්අඩංගුවට ගෙන ශී‍්‍ර ලංකාවට රැගෙන ඒමේ කාර්යය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කිරීමට ද පොලිස්පතිවරයා කටයුතු කර තිබිණි.

Related posts

හෙරොයින් ජාවාරමේ යෙදුණු මොහොමඩ් නිසාම්ට කොළඹ මහාධීකරණයෙන් මරණීය දණ්ඩනය

colombotoday

බැන් කී මූන් සමග සාකච්ඡාවට විග්නේෂ්වරන්ට ඇරයුම් නෑ

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් මියන්මාරයේදි අත්අඩංගුවට

colombotoday

අධිවේගී මගීන් ප්‍රවාහන බස් ගාස්තු 10%කින් පහළට

Admin

සාම්පූර්වලින් තවත් අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් අල්ලයි.. දෙමළ, මුස්ලිම් 7ක් දැලේ !

colombotoday

සමෘද්ධිලාභීන්ගෙන් සියයට හතළිහක් සමෘද්ධිය ලැබීමට නුසුදුසු ඇති හැකි අය

Admin