Colombo Today Local News

මුල්ගල් තියපු තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කරලත් නෑ !

මෙරට ඉතිහාසයේ විශාලතම විදේශ ආයෝජනය ලෙස හඳුන්වමින් පසුගියදා රජය මුල්ගල් තැබූ හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා තවමත් අදාල විදේශ ආයෝජකයා සමග ගිවිසුමක් අත්සන් කර හෝ නොමැති බව වාර්තා වේ. මෙහි ප්‍රධාන ආයෝජකයා ලෙස සඳහන් වන ඉන්දීය Accord Group උපුටා දක්වමින් රෙයිටර් පුවත් සේවය මේ පිළිබඳව සඳහන් කරයි

ගිවිසුම අත්සන් කිරීම සඳහා තවත් වසරක පමණ කාලයක් ගතවන බවයි අදාල ඉන්දීය සමාගම පවසන්නේ. මේ දිනවල එම සමාගම, එකී ව්‍යාපෘතිය සඳහා සැළසුම් සකස් කරමින් හා තවත් හවුල්කරුවන් බඳවා ගැනීමට සැළසුම් කරමින් සිටින බව ද රොයිටර් වාර්තා කරයි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය දිනවලදී විවිධ කතාබහ නිර්මාණය විය. මෙය ඉතිහාසයේ විශාලතම තනි සෘජු විදේශ ආයෝජනය ලෙස රජය ප්‍රකාශ කළ අතර එමෙන්ම මෙය ඕමානයේ ඛනිජ තෙල් අමාත්‍යංශයේ සහ Accord Groupහි සම ව්‍යාපෘතියක් බවත් ආයෝජනය කරන සමස්ත මුදල ඩොලර් බිලියන 3.85 ක් බවත් රජය සඳහන් කළේය. කෙසේ වෙතත් ඕමාර් රජය ප්‍රකාශ කළේ එකී ව්‍යාපෘතිය සමග තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

අදාල ඉන්දීය සමාගමේ සභාපති, ඉන්දීය රජයේ හිටපු අමාත්‍ය S Jagatrakshakan මහතා රොයිටර් පුවත් සේවය සමග පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතියට අදාලව තම සමාගම ශ්‍රී ලංකා රජය වෙත මූලික යෝජනාවක් ඉදිරිපත් කළ බවයි. කෙසේ වෙතත් ඊට අදාල ගිවිසුමේ කොන්දේසි සම්බන්ධයෙන් හෝ සාකච්ඡා කර නොමැති බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ නිළධාරියෙකු රොයිටර් වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙම ව්‍යපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබූ බවයි. ඒ සඳහා ඉන්දීය සමාගමේ සභාපති S Jagatrakshakan පුත් Sandeep Jagatrakshakan ද සහභාගි වූ බවයි.

Related posts

නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ඇරඹෙයි

Admin

වැඩි පිරිසකට සරසවි වරම් දෙන්න යයි

colombotoday

“නීතියට ජිල්මාට් දමා සැකකාරයෝ නිදහස් කරන්න ලෑස්ති වෙන්න එපා” ප්‍රකාශයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක්

colombotoday

මා දැව ජාවාරමේ නෑ.. හොරු අල්ලන්න උදව් කළා පමණයි – හිරුණිකා

colombotoday

මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විෂ කිරි පැකට් බෙදුවේ නෑලු

colombotoday

ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමුවෙයි

colombotoday