Colombo Today Local News

මන්නාරම සමූහ මිනීවළේ කැනීම් මාස තුනකට අත්හිටුවා පුරාවිද්‍යා වාර්තාවත් කැඳවයි

මන්නාරම සමූහ මිනීවළ කැනීම් කටයුතු මාස තුනකට තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් ගත් බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම සමූහ මිනීවළේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී වන තුරු පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹ තිබේ.

මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් කණ්ඩායමක්, රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පුරාවිද්‍යා විශේඥෂවරුන් කණ්ඩායමක්, අතුරුදන්වූවන්ගේ කාර්යාලය නියෝජනය කරමින් එහි සභාපති සාලිය පීරිස් මහතා හා තවත් සාමාජිකයෙක්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් කිහිප දෙනෙකු ද සභාගී වී තිබේ.

දැනට කර ඇති කැනීම් සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත පුරාවිද්‍යාත්මක විශ්ලේෂණ වාර්තාවක් ලබා දීමට මෙම සාකච්ඡාවේදී මහාචාර්ය රාජ් සෝමදේව මහතා එකඟත්වය පළ කර ඇති අතර එම වාර්තාව ලැබුණු පසු යළිත් වරක් සාකච්ඡාවක් පවත්වා ඉදිරි කටයුතු ගැන කතා බහ කිරීමට ද තීරණය වී ඇත.

එමෙන්ම මේ හා සම්බන්ධයෙන් තවත් වාර්තා කිහිපයක් ලැබීමට නියමිත බව ද සාකච්ඡාවේදී කියැවිණි.

කැනීම් කටයුතු මාස තුනකට තාවකාලිකව අත්හිටැවුවද මෙහි ආරක්ෂාව තර කර තිබෙන බවත්, දැනට මතුකරගෙන ඇති අස්ථි කොටස් විනාෂ වීම නැවැත්වීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව කටයුතු කරන බවත් අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා කීවේය.

Related posts

කුණුහරුපෙන් බැන්නට සොරි… ඕස්ට්‍රේලියාවෙ, නවසීලන්තෙ අගමැතිලත් පාර්ලිමේන්තුවේ කුණුහරුප කියනව

colombotoday

ආදුරුප්පුවීදිය සිරමැදිරියේදී විශ කිරි පැකට්ටුව දීමත්, ජින්තුපිටියේ වෙඩි තැබීමත් හා කොළඹ- මෝදර වීදිය ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිදුවීමත් එකම ආරවුලක ප්‍රතිපලයක් – පොලීසියට සැකයක්

Admin

2026 විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට

Admin

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

colombotoday

බැඳුම්කර මගඩි නොනැවතී ඉදිරියටම.. මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ හෙළිකරයි

colombotoday

රට ගිනි කන්දක් උඩ. වගා කළ හැකි රජයේ ඉඩම් ගොවීන්ට ලබා දෙන්න.

colombotoday