Colombo Today Local NewsTop Stories

ශ‍්‍රී පාදයේ නම වෙනස් කිරීමට ප්‍රාදේශීය සභාවට බලයක් නෑ.. වහාම ඉවත් කිරීමට ආණ්ඩුකාරවරයාගෙන් නියෝග

කිසිදු පාර්ශවයක් සමග සාකච්චා නොකොට මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගත් තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (7) උදෑසන නියෝග කර තිබියදී එම නියෝගය නොතකා මස්කෙළිය ප්‍රාදේශීය සභාව අත්තනෝමතික ලෙස අද(8) උදෑසන “ශිව පාදම්” ලෙස සඳහන් නාම පුවරු සවිකරීමට පියවර ගෙන තිබුනා.

මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කල මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මස්කෙළිය ප්‍රාදේශීය සභා ලේකම්ගෙන් කරුණු විමසමින් ලිපියක් යවා තිබෙනවා. එම ලිපිය මගින් නාම පුවරුව සවි කිරීමට යොදාගත් මුලාශ්‍ර, ප්‍රාදේශීය සභාව සතු නීත්‍යනුකුල බලතල, මේ සඳහා සම්බන්ධවූ ආයතන මොනවද යන්න විමසා ඇත. මෙම නාම පුවරුව සවි කිරීමේ නිත්‍යානුකුලභාවය පිළිබඳව විමසමින් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් වෙත එහි පිටපතක් ද යොමු කිරීමට කටයුතු කර ඇත.

එම ලිපිය…

එම ලිපියට පිළිතුරු ලිපියක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා වෙත යොමු කරමින් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් යු.බී හේරත් මහතා සඳහන් කර ඇත්තේ, එවැනි ස්ථානයක් නම් කිරීමට ප්‍රාදේශීය සභාවට කිසිදු බලයක් නොමැති බවයි.

එම ලිපිය…

ඒ අනුව මෙම පුවරුව ඉවත් කිරීම සඳහා මධ්‍යම පළාත් පාලන කොමසාරිස් යු.බී හේරත් මහතා නුවරඑළිය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලිපියක් යොමු කරමින් සහයෝගය ඉල්ලා ඇත.

එම ලිපිය…

අදාළ පුවරුව ඉවත් කිරීම සඳහා මධ්‍යම පළාත් පාලන කොමසාරිස් යු.බී හේරත් මහතා වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස දන්වමින් ආණ්ඩුකාර ලේකම්වරයා විසින් හැටන් පොලිස් අධිකාරිවරයා වෙත දන්වා යවා ඇති අතර එහි පිටපතක් මධ්‍යම පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙතද යොමු කර ඇත.

එම ලිපිය…

මේ පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස දන්වමින් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත ආණ්ඩුකාර ලේකම් විසින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වෙතද ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය…

නාම පුවරුව ඉදිකිරිම අත්හිටුවන ලෙස දන්වමින් ආණ්ඩුකාර ලේකම් විසින් ඊයේ (7) දින යොමු කර ඇති ලිපිය…

නාම පුවරුව ඉදිකිරිම අත්හිටුවන ලෙස දන්වමින් පලාත්පාලන කොමසාරිස්වරයා මස්කෙළිය ප්‍රාදේශීය සභා ලේකම්වරිය වෙත ඊයේ (7) දින යොමු කර ඇති ලිපිය…

ආගමික සංහිදියාවට බලපෑමක් එල්ලවිය හැකි මෙවැනි කටයුතු කිරීමට පෙර සියලු පාර්ශව සමග සාකච්චා කර සියල්ලගේ සම්මුතියෙන් සිදු කල යුතු බවට ආණ්ඩුකාරවරයා පලාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව වෙත ඊයේ අදාළ නියෝගය කරමින් දන්වා තිබියදීත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයට පිටතින්, ආගමික ගැටුමක් සඳහා දුරදිග යා හැකි තීරණයක් ක්‍රියාත්මක කිරීමට මස්කෙළිය ප්‍රාදේශීය සභා සභාපතිනිය ක්‍රියා කර ඇත.

https://colombotoday.com/%e0%b7%81%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b6%b8-%e0%b7%81%e0%b7%93%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b8%e0%b7%8a/

Related posts

ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාවක්

colombotoday

ව්‍යාජ වෛද්‍යවරුන් හා මධ්‍යස්ථාන වැටලීමට කඩිනම් පියවර

Admin

නින්දා අපහාස විදගෙන රට වෙනුවෙන් අප කියූ සියල්ල ඇත්ත වුණා… ජීවිතය පුදන්නත් රටක් තිබිය යුතුයි !!

colombotoday

”බැංකුවෙන් සල්ලි ගන්න ගියේ නිත්‍යානූකූල වැඩවලට” – ඇමතිගෙ ප්‍රකාශය ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

Admin

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය – කන්නි විග්නරාජා

Admin

පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර නිහාල් තල්දූවට

colombotoday