Colombo Today Local News

කිලිනොච්චියේ බෝධියක් හා බුදුමැදුරක් තිබූ තැන මත්පැන් පොළක් වෙයි – බුදු පිළිමයත් අතුරුදහන්

කිලිනොච්චිය මාන්කුලම් හා මුලතිව් දක්වා ඇති ඒ-34 ප්‍රධාන මාර්ගයේ ඕලුමඩු ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක් පැවති ස්ථානයක පිහිටි බොධියක් හා බුදු මැදුරක් තිබූ ස්ථානයේ මේ වන විට මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන ස්ථානයක් වී ඇති බවටත් බුදු මැදුරේ තිබූ බුදු පිළිමයද අතුරුදහන් වී ඇති බවට උතුරේ බෞද්ධ බැතිමතුන් පැවසූහ.

ඒ-34 මාර්ගයේ ඕලුමඩු ප්‍රදේශයේ 16 වන කිලෝමීටර් කනුව අසල යුද සමයේ සිට යුද හමුදා කඳවුරක් පිහිටා තිබූ අතර එසමයෙහී යුද හමුදා සෙබලුන්ගේ ආගමික වතාවත් කටයුතු වෙනුවෙන් අදාල ස්ථානයේ බෝධියක් රෝපණය කොට බුදු මැදුරක් ඉදිකොට ඇති අතර පසුව ඉඩම් නිදහස් කිරීමේ වැඩ සටහන යටතේ එම ස්ථානයේ ඉදිකොට තිබූ යුද හමුදා කඳවුර ඉවත් කොට ඇති අතර යුද හමුදාව එම ස්ථානයෙන් ඉවත් වීමත් සමග ප්‍රදේශයේ මතට ඇබ්බහි වූවන් බෝධිය පාමුලට පැමිණ බුදු මැදුර තිබූ ස්ථානයේ දිවා රාත්‍රියේ මත්පැන් පානය කොට විවිද දුරාචාරයන්හි යෙද අයරු දැක ගත හැකි බවට බෞද්ධ බැතිමතුන් කියා සිටිති.

එමෙන්ම අදාල ස්ථානයේ තිබූ බුදු මැදුරේ බුදු පිළිමයද යදු හමුදාව ඉවත් වී නොබො දිනකින්ම අතුරුදහන් වී ඇති අතර ආගමික වතාවත් සිදු කරන ලද පූජනීය ස්ථානයක් වශයෙන් කලක් පැවති එම ස්ථානය මෙලෙසින් විනාශ කිරීමට අවස්ථාවක් නොදී එහි ගෞරවය රැකෙන අයුරින් වැඩපිළිවලක් යොදන ලෙසට උතුරේ බෞද්ධ බැතිමතුන් අදාල බලධාරීන්ගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිති.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Related posts

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට

colombotoday

රජයේ රෝහල් මගින් බෙහෙත් වට්ටෝරු නිවසට ම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට

colombotoday

මහබැංකුවේ රහස් වාර්තාවක් පිටවේ… ෆුට්නෝට් කල්ලිය බැදුම්කර හොරු රකින්න හැදූ හැටි මෙන්න

colombotoday

සිරකරුවන් 6000ක් දවල් කෑම එපා කියයි.. කුස ගින්නේ සිට, දිවා ආහාරය අවතැන් වූ ජනයාට දන්දෙයි

colombotoday

මහින්දව පරාජය කළ අපට ගෝඨාභය ගේමක් නෙවෙයි – පී. හැරිසන්

colombotoday

ග්ලයිපොසෙට් තහනම් ඉවත් කරන්නේ කාගෙ උවමනාවටද? මහාචාර්ය චන්න ජයසුමන හෙළි කරයි

colombotoday