World

ඉන්දු-පාකිස්ථාන අළුයට ගිණි ඇවිළෙයි… පාකිස්ථානය හුදකලා කරවන බවට ඉන්දියාවෙන් තර්ජණ

පකිස්ථානය සමග වන සියලුම සබඳතා අත්හිටුවන බවට ඉන්දියාව අනතුරු අගවයි.

සිය ආරක්ෂක සෙබලුන් 46 දෙනෙකු ඝාතනය කරමින් පෙරේදා කාශ්මීරයේදී සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරය පකිස්ථානයේ අනුදැනුම මත සිදුවූවක් බවට චෝදනා කරන ඉන්දියාව, ජාත්‍යන්තර ප්‍රජාව සහ පකිස්ථානය අතර පවතින සබඳතා මුලුමනින්ම බිඳ දැමීමට හැකි සෑම උත්සාහයක්ම දරන බවටද ප්‍රතිඤා දී ඇත.

දශක ගණනකට පසු ඉන්දියාවේ සිදුවූ දරුණුතම ප්‍රහාරයයි පෙරේදා වාර්තා වූයේ. එහි වගකීම ජයිෂ් ඉ මොහොමඩ් නම් සංවිධානයක් භාරගෙන තිඛෙනවා.

එවැනි කැරළි කණ්ඩායම් මැඩලීමට පකිස්ථානය අපොහොසත් වී ඇති බවටයි ඉන්දියාව චෝදනා කරන්නේ. එමෙන්ම අදාළ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ කිරීමට පකිස්ථානය ක්‍රියා කල බව ඉන්දියාවේ තවත් චෝදනාවක්.

Related posts

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

දකුණු කොරියානු හමුදා ගුවන් යානයක් සුඩානයට

Admin

ඇමරිකාව ගිනියම් වෙයි – හිටපු ජනපති ඔබාමාගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ලෝකයේ කොරෝනා ආසාධිත ප්‍රමාණය 664,192 දක්වා ඉහලට. පුද්ගලයින් 30,888 ක් මරණයට පත් වේ.

colombotoday

කිම් ජොන් උන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අතර ඓතිහාසික හමුව

colombotoday