Colombo Today Local News

එජාප මන්ත්‍රි චමින්ද විජේසිරි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකුට පහර දෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි කළ පහරදීමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. බණ්ඩාරවෙල වටරවුම අසළදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් එම නිලධාරියා පොලිසියට ද පැමිණිල්ලක් කර තිබෙනවා. 

ඔහු රාජකාරී කටයුත්තක් සඳහා පොලිස් ජීප් රථයකින් බණ්ඩාරවෙල නගරයට පැමිණි අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇතැයි සඳහන්. පොලිස් ජීප් රථය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි පැමිණි ජීප් රථය පසුකර යාම ඊට හේතුව බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

එහිදී දෙපාර්ශ්වය අතර සිදු වූ බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ. පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ක‍්‍රියාත්මකයි. 
 

Related posts

මුදලට විකිණෙන දේශපාලකයන්ගෙන් රටට යහපතක් සිදුවන්නේ නැහැ – මුඟුණුවෙල අනුරුද්ධ හිමි

colombotoday

යාපනේ ක්‍රීඩාංගණයක් අසලින් බෝම්බ ගබඩාවක් මතුවෙයි…

colombotoday

‘ජෙමිනොයිඩ්’ උල්කා වර්ෂාව අදත්

colombotoday

විපක්ෂ නායකකමට මහින්දගේ නම ඒකමතිකව යෝජනා වෙයි…

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාව මහ නාහිමිවරුන්ට

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ තව දින 6කින් අරඹයි

colombotoday