Colombo Today Local News

දෝෂාභියෝගයක් ගෙනැත් ජනපති වහාම ධුරයෙන් පහකළ යුතුයි – ජවිපෙ කියයි

පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ලංකාදීප පුවත්පත සමග සම්මුඛ සාකච්චාවකදී ප්‍රකාශ කර ඇත.

ජනාධිති මෛත්‍රිපාල සිරිසේන මහතා රට පාලනය කරමින් සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් යැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කළ ආකාරයෙන් එය හොඳින්ම පැහැදිලි වන්නේ යැයි ද හෙතෙම පවසයි.

රටේ නීතියේ පාලනය පිහිටුවීමට නම් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කළ යුතු යැයි කී හෙතෙම ඒ සඳහා දෝෂාභියෝග යෝජනාවක් සම්මත කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු යැයි ද ප්‍රකාශකර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්වීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමු වරට කඩ කළ බවට සහතික වී යැයි ද හරි නම් ඒ දිනයේම ජනාධිපතිවරයා ගෞරවාන්විතව අස්විය යුතුව තිබුණේ යැයි ද ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

මේ වනවිට මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝණය කළ රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ද ජනාධිපතිවරයා එහි ප්‍රමුඛ ප්‍රකාශකයකු වී ඇතැයි ද ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ත්‍රස්ත සැකකරුවෙක් නිදහස් කරගන්න හොරොව්පතාන පොලිසියට අල්ලස් දීලා.. බඩුත් එක්කම මාට්ටු…

colombotoday

සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛණයට !

colombotoday

රුසියාවෙන් ඉන්ධන ගන්නැයි පක්ෂ 12ක් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

19 වන සංශෝධනය අහෝසි කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි- අගමැති

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday

විනිමය අනුපාත ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර නැහැ – අජිත් නිවාඩ් කබ්රාල්

colombotoday