Colombo Today Local News

රයන්ගේ ‌මෝටර් රථය පොලිස්භාරයට – කේරල ගංජා මිලිග්‍රම් 5,750ක් සොයා ගනියි

මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදි අත් අඩංගුවට පත් ප්‍රධාන රංගන ශිල්පි රයන් වැන්රොවන් භාවිතා කළ බව පැවැසෙන මෝටර් රථය ඊයේ (08දා) සවස වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේනයක තිබියදි වැලිගම පොලීසිය මගින් සොයා ගෙන ඇත.

මෙම මෝටර් රථය හමුවු සංචාරක නිකේතනයේ හිමිකරු වන්නේ අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් මදුෂ් සමඟ සිටියදි ඩුබායි පොලිස් විසින් අත්අඩංගුවට ගත් සුරන්ජි සුද්දා නැමැත්තාගේය.

රංගන ශිල්පි රයන් වැන් රොවන් විදේශ ගත විමට පෙර , දින කිහිපයක සිට සුරන්ජි සුද්දාට අයත් මෙම හෝටලයේ නැවති සිට දෙදෙනා හා එක්ව විදේශ ගත වී ඇති බව පොලීසිය සිදු කළ මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

මෝටර් රථයේ තිබි කේරල ගංජා මිලිග්‍රම්  5,750 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

මෙම මෝටර් රථය උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නම ලියාපදිංචි කර ඇත.

Related posts

ගුවන් තොටුපළේ සහ කොළඹ වරායේ වැඩ සාමාන්‍ය පරිදි

colombotoday

අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලැබෙන දවස් මෙන්න

colombotoday

ආණ්ඩු පෙරළියෙන් පසු කිසිදිනෙක හිටපු ජනාධිපති මාව ආරක්ෂක කවුන්සිලයට කැඳවුයේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් සහ හදිස්සි කැබිනට් රැස්වීමක්

colombotoday

ඉන්දියාවේ වන්දනාවක යන්න උණ්ඩයකුත් අරන් ඇවිත්

Admin

12 පංතියේ සිසුවා 11 සිසුවාට පිහියෙන් ඇන රෝහලේ…

Admin