Colombo Today Local News

ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට…

ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය හමුවකදී (06) පැවැසීය.

ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ අමාත්‍ය සංඛ්‍යාව වැඩිකර ගන්නට යැයි විවිධ පාර්ශ්ව වැරදි අර්ථකථන ලබාදෙමින් සිටින බව කී මන්ත්‍රීවරයා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ රජයේ එකම අරමුණ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගැනීම බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පක්ෂ එක්ව පිහිටුවීමට යන ජාතික ආණ්ඩුව සඳහා සහය දැක්වීමට දැනටමත් ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම එක්වී සිටින අතර තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ජාතික ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව කීය.

ජාතික ආණ්ඩුවක් යටතේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යාමේදී ජ්‍යෙෂ්ඨයන්ට අමාත්‍යධුර දෙන්නට සිදුවන හෙයින් අමාත්‍යධුර ගණන වැඩි කරන්නට සිදුවනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

රිෂාඩ්ගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදීන්ව වීඩියෝ කරලා

colombotoday

ආසිරි රෝහල් සමූහයේ පෙරහුරු ඡන්දයක්… 72% ප්‍රතිශතයකින් ගෝඨාභයට විශිෂ්ඨ ජයක් !

colombotoday

එජාප ට සජිත් නැතිවීම හූනියම අවසන් වීමක්

Admin

අද සිට අඩුවන භාණ්ඩ 15 මිළ ගණන් මෙන්න

colombotoday

“උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන මුවාවෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට අවශ්‍ය නම් නව නීති ගේනවා”

colombotoday

LTTE සැකකරුවන් දේශපාලන සිරකරුවන්ද? ‍දේශපාලන සිරකරුවන් යනු කවුද? – කුමාර චාපා බණ්ඩාර හෙළිකරයි

colombotoday