Colombo Today Local News

ව්‍යවස්ථාවක් සකස් කළ පමණින් රටේ ප‍්‍රශ්න විසෙදෙන්නේ නෑ – මැල්කම් රංජිත් කාදිනල්තුමන් කියයි

ව්‍යවස්ථාවක් සකස් කළ පමණින් රටේ ප‍්‍රශ්න නොවිසඳෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

 දේශපාලන පක්‍ෂ හේතුවෙන් රට ක‍්‍රමයෙන් ආපස්සට තල්ලූ වී ඇති බවත් උන්වහන්සේ කීහ.

 කාදිනල්තුමන් මේ බව සඳහන් කළේ නිදහස් දිනය නිමිත්තෙන් කොළඹ 2 ශුද්ධ වූ ජපමාල දෙව්මැඳුරේ ඊයේ (04 වැනිදා) පැවති විශේෂ දේව මෙහෙයේ දී ය.

 රට ගොඩනැගීමට නම් සියලූ දේශපාලන පක්‍ෂ නායකයන් සේම ආගමික නායකයන්ද එක් වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් උන්වහන්සේ දේශපාලන පිල් බෙදීම් නිසා ජනතා අපේක්‍ෂා ඉටු නොවන බව පැවසූහ. සියලූ දෙනා හදවතින් රට ගැන කල්පනා කළ යුතු යැයිද රටක පැවැත්මට ජාති, ආගම්, කුල භේද අනවශ්‍ය යැයිද උන්වහන්සේ සඳහන් කළහ.

 මෙම දේව මෙහෙයට දේශපාලන නියෝජිතයෝ කිහිප දෙනෙක්ද සහභාගි වී සිටියහ.

Related posts

ෂර්මිලා රාජපක්ෂ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

colombotoday

ශ්‍රී ලංකාවට සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවක්

colombotoday

බුලත්සිංහල අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

STF කියා නිවසට ඇවිත් කොල්ලකාලා

colombotoday

මුස්ලීම් කොවිඩ් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්

colombotoday

වන්දි ලබාදීමේ පනත සම්මත කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් යැයි ඊනියා දේශප්‍රේමීන් පවසනවා – සජිත් ප්‍රේමදාස

colombotoday