අනුරාධපුර කඩ පහන ප්රදේශයේ පැනොරාමා රාත්රී සමාජශාලාවේ හිමිකරු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනය සිදු කල බව කියන එස්.එෆ්.ලොකු නොහොත් නිරෝෂන් රණසිංහ නමැත්තා ප්රදේශයෙන් අතුරුදන්ව ඇති බව පැවසේ. මොහු පාතාල ක්රියාකාරකම් රැසකට සම්බන්ද අයෙක් මෙන්ම පසුගිය සහ වත්මන් ආණ්ඩුවේ දේශපාලකයන් කිහිප දෙනෙක් සමගම සමීප ඇසුරක් පැවැත් වූ බවද සදහන් වේ.
ඝාතනයට ලක් වූ සොයිසා සහ පුත්රයා අවස්ථා කිහිපයකදී නිරෝෂන් රණසිංහ නමැත්තාගෙන් තර්ජණ ඇති බව පොලීසියට පැමිණිළි කර ඇති බවද පැවසේ.