පාලිත රංගේ බණ්ඩාර, වසන්ත අළුවිහාරේ සහ සිඩ්නි ජයරත්න යන මන්ත්‍රීවරුන් තිදෙනා කැබිනට් නොවන අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙම පත්කිරීම් සිදු කරන ලෙස ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ද ඉල්ලීම් කර ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලය 30කට සීමා විය යුතු බැවින් මෙසේ කැබිනට් නොවන අමාත්‍යවරුන් පත්කර අමාත්‍යාංශ විෂය පථ ඔවුන් වෙත ගැසට් මඟින් පවරා දීමට පියවර ගන්නා බව ද සඳහන්.