Colombo Today Local News

ඇමති මංගලගේ ගෝලයෝ සිරසට සහ මව්බිමට කඩා පනිති. ජවිපෙ සාමාජිකයෝත් ඒ අතර


කළු හැඳගෙන කළු පටිවලින් මුහුණ ආවරණය කරගත් විරෝධතාකරුවන් පිරිසක් අද පෙරවරුවේ සිරස ප්‍රධාන කාර්යාලයට සහ මව්බිම පුවත්පත් කාර්යාලය ඉදිරිපිටට පැමිණියහ.

එම පිරිස අතර ඇමති මංගල සමරවීරගේ අමාත්‍යංශයට අයත් ආයතනවල සේවය කල පුද්ගලයින් රැසක් දක්නට ලැබුණි.

අග්‍රාමාත්‍යවරයාගේත් බිමල් රත්නායක මහතාගේත් ප්‍රකාශයෙන් දින 20 කට පසු ඔවුන් මෙලෙස පැමිණියේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට විරෝධය දක්වමිනි.

විරෝධතාකරුවන් සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණියේ අද දහවල් 12 ට පමණ ය.

විරෝධතාවට එක්ව සිටින බව කියවෙන පිරිස පිළිබඳව ඔවුන් ප්‍රදර්ශනය කළ බැනරයේ සටහන්ව තිබිණ.

එම පිරිස තමන් හඳුන්වා ගත්තේ,

ශ්‍රී ලංකාවේ කාන්තාවෝ
අලුත් පියාපත්
අලුත් පරපුර
මාරුතයේ හඬ
දිදුලන හදවත
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු
වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය
සාධු ජනරාව
නැගී සිටිමු ශ්‍රී ලංකා
චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය
අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයින්
සම බිම යන සංවිධානවලට අයත් සාමාජිකයින් ලෙසයි.

මෙලෙස පැමිණි පිරිස ඔවුන් රැගෙන ආ ලිපියක් භාර ගන්නා ලෙසට බලපෑම් කරන්නට විය.

එය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ විදර්ශන කන්නන්ගර නමැති අයෙක් අප මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ ය.

මේ පිරිස පසුව මව්බිම පුවත්පත් කාර්යාලය ඉදිරිපිටට ද පැමිණියේ ය.

එහිදී කළු ඇඳගත් මුහුණු ආවරණය කරගත් මේ පිරිස මව්බිම කාර්යය මණ්ඩලය පිළිගත්තේ ප්‍රතිවිරෝධයකිනි.

පැමිණි පිරිස එක් පසෙක සංවිරෝධය දක්වද්දි මව්බිම සේවක පිරිස තවත් පසෙක ප්‍රතිවිරෝධය දක්වන්නට විය.

මාධ්‍ය නිදහස් පිළිබඳව කථා කරමින් පැමිණි මේ කණ්ඩායම අතර සිටි මනෝහාරී හේවාවසම් මහත්මිය සිද්ධිය වාර්තාකරමින් සිටි ඡායාරූප මාධ්‍යවේදියෙකුට තර්ජනාත්මක ලෙසින් ප්‍රතිචාර දැක්වූවා ය.

මව්බිම කාර්ය මණ්ඩලයේ හූ හඬ මධ්‍යයේ විරෝධතාකරුවෝ විසිර ගියහ.

මෙම විරෝධතාකරුවන් අද දවස පුරා විවිධ මාධ්‍ය ආයතන ඉදිරිපිට මෙලෙස හැසිරෙනු දක්නට ලැබිණ.

Related posts

“වෙනස සැප නෑ.. රටට ඇප නෑ.. අපි ඕවට වග කියන්නෑ” – අනුර දිසානායක

colombotoday

නාඩු සහල් කිලෝවක් රු 98කට දෙනවා.. – මහින්දානන්දගෙන් යලි පොරොන්දුවක්

colombotoday

පළාත්සභා අහෝසි කිරීමෙන් ෆෙඩරල් සටන නවත්වමු – ගැටඹේ නාහිමිගෙන් රටට අවවාදයක්

colombotoday

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin

යතුරුපැදිවල අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන දෙන්න යෝජනාවක්

colombotoday

රට බේරාගන්න නම් මෛත්‍රි – මහින්ද වහාම එක්විය යුතුමයි.. භික්ෂූන් වහන්සේලා ඒ සදහා මැදිහත් විය යුතුයි

colombotoday