Colombo Today Local News

ශ්‍රී ලංකන් ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්… සභාපති ඉරාන්…

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කමිටුව පත් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත්, මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසා බණ්ඩාර, වී. කනගසභාපති, එල්.එස්.අයි. ජයරත්න, විරාජ් දයාරත්න, මහේන් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් අමරසේකර, තිසුරි වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කටයුතු පිළිබඳ පසුගිය 4 දා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා කළ ප්‍රකාශය අනුව අද දින මෙම කමිටුව පත් කිරීමට පියවර ගැනිණි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මේ අනුව අද සිට කමිටුවට බාරදීමට සියලු පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වේ. සති දෙකක කාලයක දී කමිටුව අදාළ නිර්දේශ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුය.

එම නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳ ගතයුතු ඉදිරී තීන්දු තීරණවලට ජනාධිපතිතුමා එළැඹීමට නියමිතය.

(7) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කමිටු සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ඔවුන් සමඟ සාකච්ඡාවකට ද එක් වූහ.

Related posts

බදියුදීන්ගේ ඉල්ලීමට ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රට බාරදෙන දවස අත ළගයි” – ආර්ථික විශේෂඥ ආර් එම් බී සේනානායක

colombotoday

කොවිඩ් ආසාදිත උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන ලෙස රෝහල් සූදානම් කෙරේ

colombotoday

ඉන්ධන දුම්රිය සහ බවුසර්වලට ගුවන් හමුදා ආරක්‍ෂාව

colombotoday

රණවිරුවන් වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය NGOවක් අරඹන්න යයි

colombotoday

රටත් ජනතාවත් ආරක්ෂා කළේ භික්ෂූන් වහන්සේලායි. උන් වහන්සේලා වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නෑ

colombotoday