Uncategorized

බාහිර / අභ්‍යන්තර තර්ජනවලට සූදානමින් සිටින්න – හමුදාපතිගෙන් උපදෙස්

නව වසර වෙනුවෙන් යුධ හමුදාපතිවරයා සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර තිඛෙනවා.

යුධ හමුදාවේ ප්‍රමුඛතම කාර්යය රටේ ආරක්ෂාව තහවුරු කිරීම බැවින් සෑමවිටම ඒ සඳහා අවධානය යොමුකල යුතු බවයි එහි දැක්වෙන්නේ.

ඕනෑම බාහිර හෝ අභ්‍යන්තර තර්ජනයන්ට මුහුණදීම සඳහා පූර්ණ සූදානමකින් සිටීමේ අවශ්‍යතාවයද මහේෂ් සේනානායක මහතා අවධාරණය කරනවා.

මෙම වසර සඳහා පුහුණුවීම් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් සමානුපාතිකව වර්ධනය කර ඇතැයිද යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කලා.

ග්‍රාම ශක්ති / ගම්පෙරළිය වැනි රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව ඉඳුරාම සම්බන්ධ වී ඇති බවත් එමගින් උසස් වෘත්තීය මට්ටමක් කරා ළගාවිය හැකි බවද මහේෂ් සේනානායක මහතා අවධාරණය කරනවා.

සංහිඳියා යාන්ත්‍රණය / ස්වභාවික ආපදා වැනි කටයුතුවලදී ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන්ගේ කැපවීම යුධ හමුදාපතිවරයාගේ ඇගයීමට ලක්වනවා.

Related posts

උතුරේ නාම පුවරු අලුත් වෙයි… සිංහල විකෘති වී දෙවැනි තැනට වැටෙයි…

colombotoday

ඩොලරය 290 යි

colombotoday

ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියා ධීවරයන් සිවු දෙනකු බේරා ගැනෙති

colombotoday

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin

මාලදිවයිනත් ශ්‍රී ලංකාවක් වෙයි

Admin

රාජකාරිය නීත්‍යානුකූලව සිදු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම රැකවරණය ලබාදෙන බව මහජන ආරක්ෂක ඇමති කියයි

colombotoday