Colombo Today Local News

පාඩුයි කියා විකුණන්න යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් ජාත්‍යන්තර සම්මානයක්…

25 වන ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ඉන්දියානු සාගර කළාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෙවන වරටත් සම්මානයට පාත්‍ර වී තිබේ.

මෙම ලෝක සංචාරක උළෙල ජාත්‍යන්තර සංචාරක  ව්‍යාපාරයේ විවිධ අංශ හදුනා ගැනීම සහ එම සංචාරක ව්‍යාපාරයේ විශිෂ්ඨතා ඇගැයීමත් සිදු කරන වැඩසටහනකි.

මෙම සම්මාන ප්‍රධානෝත්සවය පෘතුගාලයේ , ලිස්බන් නුවර දී පසුගිය දාපැවැත්වූනි .

එහිදී අදහස් දැක්වූ ලෝක සංචාරක සම්මාන උළෙලේ නිර්මාතෘ ග්‍රහැම් කුක් මහතා ,

” ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය සේවා වැඩ් දියුණු කිරීම තුළින් සංචාරක ව්‍යාපාරයේ සහ ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමට පාත්‍ර වී ඇති බව ” ප්‍රකාශ කළේය .

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආසියා සහ ඕස්ට්‍රේලේෂියා ලෝක සංචාරක උළෙලේ දී ද , 2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරයට හිමි සම්මානය ද දිනා ගෙන තිබේ.

Related posts

ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 91කින් පරාජය කෙරේ

colombotoday

ජනපති වැය ශීර්ෂය ගැන එජාපයේ අවසන් තීරණය දැනුම් දෙයි…

colombotoday

අතුරුදන්වූවන් හොයන කාර්යාලය මේ වසරේ ඇරඹේ… අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කෙරේ !

colombotoday

අභිමානවත් 72 වැනි නිදහස් දින සමරුව අද නිදහස් චතුරස‍්‍රයේදී

colombotoday

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

හම්බන්තොට වෙඩි තැබීමක්

Admin