Colombo Today Local News

පිළිකා රෝහලට හිඟ ඖෂධ ගුවනින් ගෙන්වන්න සුව ඇමතිගෙන් නියෝග…

මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය පිළිකා ඖෂධ සියල්ල හෙට (24දා) වනවිට රෝහලට ලැබීමට සලස්වන ලෙස  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඖෂධ හිඟය මගහැරවීමට හිඟ පිළිකා ඖෂධ ගුවන් මගින් මෙරටට ගෙන්වීමටත් තීරණය කර තිබේ. රෝහල්වල පවතින ඖෂධ හිඟයපිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ. 

මහරග මඅපේකෂා රෝහලේ නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන රෝගින් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 05ක හිඟයක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.

ඖෂධ හිඟය හේතුවෙන් අපේක්ෂා රෝහලට රෝගින් ඇතුළත් කරගැනීම පසුගිය 21 වැනිදා තාවකාලිකව අත්හිටුවීමටද කටයුතු කර තිබේ.

Related posts

සිංහලයන් උතුරෙන් පැන්නීම සංහිදියාවද? ‘ලක්මව දියණියෝ‘ විග්නේෂ්වරන්ගේ පරපීඩක කාමය හෙළා දකී

colombotoday

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට යයි ?

colombotoday

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

Admin

ඉන්ධන ගන්න ඇවිත් වැවේ ගිලී අයෙක් මියයයි

colombotoday

ජනපති මෛත්‍රීගෙන් මහින්දට ලොකු පුටුවක් !

colombotoday

සුව ඇමතිගෙන් වෛද්‍ය සංගමයට චෝදනාවක්.

colombotoday