Colombo Today Local News

කරණමෙන් හැරුණු කරුණා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර 13 සම්පූර්ණයෙන් ඉල්ලයි.

urlඋතුර – නැගෙනහිර ඒකාබද්ධ කර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කළ යුතු බව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමග එක්වීමට තීරණය කිරීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීමට තමන් තීරණය කළේ කිසිදු පුද්ගලික හෝ දේශපාලන හේතුවක් මත නොවන බවත් සිංහල පදනමක් සහිත පක්ෂයක සාමාජිකයෙකුව සිටියදී දෙමළ ජනතාවට සේවය කළ නොහැකි නිසා තමන් ආනන්ද සංගරි මහතා නායකත්වය දරණ පක්ෂය සමග එක් වීමට තීරණය කළ බව ඔහු පවසනවා. ද්‍රවිඩ ජනතාවට සේවය කිරීමට ද්‍රවිඩ ජාතික සංධානයට නොහැකි බවද කරුණා අවධාරණය කරනවා.

Related posts

හමුදා කඳවුරට පැන්න විපක්ෂ නායකයා හැකිනම් අත්අඩංගුවට ගෙන පෙන්වන්න – පොලිස්පතිට අභියෝගයක් !

colombotoday

ජොනස්ට්න් නිදොස්කොට නිදහස්…

colombotoday

කෙසෙල්වත්තේ වෙඩි තැබීමක්

colombotoday

අක්කරයට වැඩි වගා ඉඩම් ඇති ගොවීන්ට ගිනි අවි බලපත්‍ර

colombotoday

“අයුතු ධනයක් ලෝකයේ ඕනෑම රටක ඇත්නම් නඩු දමන්න”

colombotoday

මහවැලි ගඟේ නන්නාදුනන කාන්තාවකගේ මළ සිරුරක්

colombotoday