Colombo Today Local News

මත්කුඩුවලට ඇබ්බඅහිවූවන් පුනරුත්ථාපන කරන මුවාවෙන් හෙරොයින් විකුණලා

මත්කුඩුවලට ඇබ්බැහි වූ තරුණයින් පුනරුත්ථාපනය කිරීමට සහාය දෙන මුවාවෙන් මත්කුඩු අලෙවියේ යෙදී සිටි කාන්තාවක් මත්කුඩු මිලි ග්‍රෑම් 995 ක් සමග ඊයේ (19) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

27 වන වියේ පසුවන මෙම කාන්තාව eZcash  ක්‍රමයට දඹුල්ල හා තදාසන්න ප්‍රදේශවල තරුණයින්ට මත්කුඩු අලෙවි කරන බවට පොලීසියට ලද තොතුරක් මත කාන්තාව අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සඟවා තිබු මත්කුඩු  සොයා ගෙන ඇත.

මෙම කාන්තාවගේ සැමියා රන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධාගාර ගතව සිටින අතර සැමියාගේ මිතුරෙකු සමග සැකකාරිය දඹුල්ල ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන් නතරව සිට මත්කුඩු අලෙවිය කරගෙන ගොස් තිබෙන බවත් මිතුරාද මත්කුඩු අලෙවි කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරව සිටින්නෙකු බව පොලීසිය පවසයි.

මෙම කාන්තාවද මත්කුඩු පානයට ඇබ්බැහිවී සිටින බවද පොලීසිය පවසයි.

දඹුල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

එස්.බී. ගේ නිවසේදී මෛත්‍රී-මහින්ද රහස් හමුවක්…

colombotoday

පොල්ගෙඩි 1070 ක් සොරකම් කළ 13 හැවිරිදි සිසුවෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

විපක්ෂ මන්ත්‍රිවරු දෙදෙනෙක් පිහි රැගෙන ආවා…

colombotoday

‍රමිත රඹුක්වැල්ලට අධිකරණ නියෝගයක්

Admin

ආණ්ඩුව මන්ත්‍රී විජේදාස රාජපක්ෂට විරුද්ධව තීන්දුවක් ගත යුතුයි – රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කියයි.

colombotoday

මැදවච්චිය වන විනාශය උග්‍ර වෙයි. අඩවි වන කාර්යාලයෙනුත් සහය

colombotoday