ArticlesColombo Today Local NewsHot News

කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !

ganika sangamayaකොළඹ වෛශ්‍යා සංගමය බිහිවීමත්, ඇමරිකානු ආයතනයක අනුග්‍රහයෙන් සමලිංගික අයිතිය ගැන දේදුනු වර්ණ කොළඹදීම පැවැත්වුනු සමුළුවක් ගැනත් අපි යම් සනිටුහන් කිරීමක් කර සතියක් ගතවූයේවත් නැත.  අර වෛශ්‍යා සංගමය තවත් පුවත්පත් සාකච්ඡාවක් පවත්වන්නේය. ඒ මාධ්‍ය සාකච්ඡාවේ වෛශ්‍යා සංගමයේ න්‍යායාචාර්ය නීතීඥ සේනක පෙරේරා වෙනුවට පෙනී සිටින්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නය. අපි කරුණාරත්න උන්නැහේට අනුකම්පා කරමු. නහින දෙහින කාලේ එතුමා ගණිකා මඩමක හෝ බැරි බැරි ගාතේ මොනමොනවා හෝ කර ගැනීමට වෙර දැරීම අනුකම්පා සහගතය. මන්ද ඒ පවුකාර ආත්මය වෙවුල වෙවුලා හෝ යමක් දෙස බලා සිටින්නවත් මනුෂ්‍යයකු ලෙස ලබන අවසාන අවස්ථාව මේ ආත්මය පමණක් වන බැවිණි. එතුමාගේ ලබන ආත්මය ගැන සිතද්දී අපට සූඛර මුඛ ප්‍රේත වස්තුවම සිහිපත් වේ.

ඒ පුවතපත් සාකච්ඡාවේදී මෙහි ප්‍රධාන කතානායිකාව භික්ෂූන් වහන්සේලා ගැනද යමක් කියයි. ඒ ගැන බොහෝ පාර්ශ්ව විවේචන කර තිබුණි. පෙර ලිපියේ අපි බොහෝ දෑ විස්තර කළෙන්, අපි ඉතා කෙටියෙන් මේ සිදුවීම් වල සාකල්‍ය ප්‍රතිඵලය ගැන දිර්ඝ විග්‍රහයකට වඩා යම් ඉගිකිරීමක් කරමු. වෛශ්‍යාවක ප්‍රසිද්ධියේ භික්ෂූන් වහන්සේ ගැන විවේචනාත්මකව කථා කිරීමට තරම් දැන් ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වී තිබීම අගය කරමු. නූථන නපුංසක නාස්තිකවාදය තුළ මිස සිංහල, බෞද්ධ, හින්දු, කතෝලික මෙන්ම ඉස්ලාමීය සම්ප්‍රදායන් තුළ හෝ වෛශ්‍යාවන් නීතිගත කරන්නැයි කියා තිබෙනු අප අසා නැත. එහෙයින් ඒ ඒ ආගමික නායකයින්ගෙන් අපි යම් ප්‍රතිචායක් බලාපොරොත්තු වෙමු.

එක් අතකින් මෙය පශ්චාත් නව්‍ය යුගයේ වෙළඳපොල පිළිබඳ අර්බුධයකි. ඉන්න අය හිටපු අය ආදී සියල්ලන්ගේ අනුසරණින් හෙට අනිද්දා කොළම කැසිනෝ, කුඩු ආදියෙන් ආඩ්‍ය තවත් බැංකොක් පුරයක් වෙද්දී, රුසියානු තායි ඇත්තියන් සමග තරඟ කරන්නට අපේ වැඩ්ඩියන්ටද ලයිසන් ඕනැ වේ. මෙය එහි ප්‍රෙව්ශ අවස්ථාවක් වුවද එම කරුණට පමණක් ලඝුව නොසිතන්නෙමු.

සිංහල බෞද්ධ සම්ප්‍රදාය තුළ අපි වෛශ්‍යා වෘත්තිය අනුමත නොකරන්නෙමු. පිළිකුල්ම කරන්නෙමු. සමලිංගිකත්වයද එසේමය. එසේ නම්, මේ අවතාර අවුස්සා මරණාසන්න කෙළ තොල්ලන් සමග වේදිකා ගත කරන්නේ කවුරුන්ද? රත්නපුරේ වෛශ්‍යාවක වෙනුවෙන් පෙරටුගාමීහු පෙනී සිටියහ.

දැන් නූතනය දෙස මදක් විමසිලිවත්ව පළල්ව බලමු. දෙමුහුම් අධිකරණයක් එමින් තිබේ. සුනිල් රත්නායක ඇතුලේය. මුරුගේසු පහිරදී නම් කොටි ධේනුව නිදහස් වෙයි. හෙට අනිද්දා සෙසු කොටි සැකකරුවන්ද නිදහස් කෙරෙනු ඇත. ජාතික ගීය දෙමළෙන් ගයයි. සමාජ මාධ්‍ය වල වෛශ්‍යා රංගනයන්ට එරෙහිව නොව “ජාතීවාද අදහස් පැතිරීම“ නියාමනයට නීති සකසයි.

මේ පහර දෙන්නේ කා හටද? කවුරුන්ද? 2015 වසරේ උදාව ඇරඹෙන්නේ නීල පෙරුමාල්ගේ මිනිබිරිය “ශ්‍රී ලංකාවේ සිංහලයන්ගේ අභිමානය බිඳිය යුතුයි“ යන උදාන වාක්‍යය ප්‍රකාශයට පත් කිරීමත් සමග බව ඔබට මතකද? එහෙයින් අපි සියලු ජාතිමාමක සිංහලයින් අමතා යමක් කියමු. ඔබ මරා නොදමනු ඇත. එහෙත් ඔබේ අභිමානය ඝාතනය කිරීමට ලොකු කුඩා ප්‍රහාර එල්ලවනු ඇත. ඒ, ස්වකීය අභිමානය ඇද වැටුනු කල්හී සිංහලයා අතික්‍රමණය කිරීම පහසු නිසාය. ඒ සඳහා වෛශ්‍යාෙවා්ද, නපුංසකයෝද, අන්තවාදියෝද, බෙදුම්වාදියොද, අධිරාජ්‍යවාදියෝද, මුළධර්මවාදියෝද, සමාජවාදියෝද, එන්.ජී.ඕ කාක්කෝද කොන්දේසි විරහිතව එකතු වනු ඇත.

– සිංහල සංගේදම

Related posts

වසර හතකට පසු සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් නෞකාවක්

Admin

VAT පනත නීති විරෝධීයි.. ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි.. නව පනතක් ගේනවා – අගමැති කියයි

colombotoday

කුවේට් සිට පැමිණි 113 කට කොරෝනා. ගෙන්වාගත් සිසුන් කිසිවෙක්ට කොරෝනා නෑ. මැද පෙරදිගින් මගීන් රැගෙන ඒම නවතා දමයි.

colombotoday

කේරළ ගංජා කිලෝ 61ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට

colombotoday

යහපාලන අඹුඩය ගලවා, ගම්මන්පිල වැට් බදු පලාඵල කියයි

colombotoday

පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු නිවසක් කොල්ලකති

Admin