ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශපාලන අර්බුදය ඉදිරියටත් පැවතුණහොත් විශේෂයෙන් සුලු ජාතිකයන්ට දැඩි බලපෑම් එල්ලවනු ඇති බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසනවා.
ඊයේ පස්වරුවේ කොළඹදී විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් හමුවෙමින් එහි නායක ආර්. සම්බන්ධන් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
නීතියේ ආධිපත්‍යය බිදවැටීම බරපතල ගැටලුවක් විය හැකි බවත් එනිසා ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුධය සදහා වහා මැදිහත්වන්නැයි ඔවුන් එහිදී ඉල්ලා තිබෙනවා.
ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටි බව සදහන්.