Colombo Today Local News

කරුට පාර්ලිමේන්තුව කැදවීමට හැකියාවක් නෑ… ආණ්ඩුවේ තීරණය මෙන්න…

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත‍්‍රය අධිකරණය විසින් අත්හිටවීම නිසා පාර්ලිමේන්තුව කැඳවීමට කිසිදු අයිතියක් කරු ජයසූරිය හිටපු කථානායකවරයාට නැති බව ඇමති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ජනාධිපතිවරයා ගේ ගැසට් නියෝග අත්හිටුවීමට පමණක් මිස අවලංගු කිරීමට නොවන බවයි.

යම්හෙයකින් දෙසැම්බර් මස 07 මීලග නඩු වාරයේදී අධිකරණය විසින් ජනාධිපතිවරයා ගේ ගැසට් පත‍්‍රය පිළිගතහොත් ගැසට් නිවේදනය අවලංගු නොකළහොත් අද දිනයේ පාර්ලිමේන්තුව රැස් කිරීමක් සිදු වූයේ නම් එහි නීතිමය වලංගු භාවය කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව විසුරවූ පසු සියලු මන්ත්‍රීධූර අහෝසි වන බවත්ම එම ගැසට් නිවේදනය අත්මිටවූවා කියා මන්ත්‍රීවරුන්ට යළි පණ ලැබෙන්නේ නැති බවත් එසේ වන්නට නම් මහ මැතිවරණයකින් දිනා පැමිණීම හෝ ජනාධිපතිවරයා ගේ ගැසට් පත‍්‍රය අහෝසි කිරීමක් සිදුවිය යුතු බව ද ඔහු සඳහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/sinhala.adaderana.lk/videos/753620358341085/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

වියතුන් සභා මැද ගෝඨාභය රට ගොඩනගන අනාගත දැක්ම හෙළිකරයි (Video)

colombotoday

TNA නඩය අර අදින්නේ නැවතත් මේ රට ලේ විලක් කිරීමටයි – හෙළ බොදු සවිය

colombotoday

ෂාෆිගෙන් හෙළිවුණු ගර්බාෂ යුද්ධය සහ, සිංහල වාර්ගික සංහාරය !

colombotoday

මැලේසියාවේ රැකියාවක් කල කතක් තට්ටු නිවෙසින් වැටී මරුට

Admin

ලංකාව ඩොලර් මිලියන 10ක අවි තොගයක් බල්ගේරියාවට විකුණයි

colombotoday

සිමෙන්ති මිල යළි ඉහළට

colombotoday