Colombo Today Local NewsTop Stories

ඉන්දියාවේ විමුක්ති දිවියා සංවිධානය විග්නේශ්වරන් සමග වෙනම රාජ්‍යයක් හදන්න යාපනයට පැමිණෙයි

ඉන්දියාවේ විමුක්ති දිවියා සංවිධානයේ නායකයා වූ තොල් තිරුමාවලවන් නැමත්තා උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වරයාගේ ඉදිරි දේශපාලන ව්‍යාපාර කටයුතු සඳහා සුභ පතමින් සහය දැක්වීමට ඊයේ (10) දින යාපනයේ සංචාරයක නිරත වූහ.

විමුක්ති දිවියා සංවිධානයේ නායකයාගේ යාපනය සංචාරය අතරතුර යාපනය “කිට්ටු පාක්” උද්‍යානයේ වාර්ෂික පැළ ප්‍රදර්ශන වැඩසටහනකටද සහභාගී විය.

මෙම රුක් රෝපණ වැඩසටහනට සහභාගී වූ සී.වී. විග්නේශ්වරන් මහතා ,තොල් තිරුමාවලවන් මහතා ඇතුලු සියලු ආරාධිත අමුත්තන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාතික පුෂ්පය ලෙස සැලකෙන නියගලා මලෙහි ලාංඡනයද පැලඳ සහභාගී වීමය.

එන් අරුන්කාන්ත්

“ඊයේ (10) යාපනයේදී පවත්වා ඇති මාධ්‍ය සාකච්චාවකදී දෙමල ජනතාවගේ ප්‍රශ්නවලට එකම විසඳුම දෙමල ඊළම බවට තිරුමාවලවන් පවසා ඇති බව ශ්‍රී ලංකා හිංදු සම්මේලනය පවසනවා. සිංහල නායකයන් බල පොරයක සිටින මොහොතක තොල් තිරුමාවලවන්ලා ලංකාව තුලට පිවිස වෙනම රාජ්‍යයක් සෑදීමට උත්සහ දැරීමට අවස්ථාව ලබා දුන්නේ කවුද? ශ්‍රී ලංකාවේ සිංහල දේශපාලන නායකයන් මිනිස් ඝාතකයන් ලෙස පවසමින් ජිනීවාවලට පෙත්සම් ඉදිරිපත් කල මේ අන්තවාදියාට රටට ඇතුළු වීමට විසා ලබාදුන්නේ කවුද? ඔහු වහාම පිටුවහල් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත යුතුයි” යැයි මේ පිළිබඳව අදහස් දැක්වූ හිංදු සම්මේලනයේ සභාපති එන් අරුන්කාන්ත් මහතා Colombo Today වෙත පැවසීය.

 

 

Related posts

තිබුණ දේත් නැතිවෙලා… බලාපොරොත්තු සුන් වෙලා… වෙනසට මුලපිරූ FUTA කළකිරිලා

colombotoday

විජයග්‍රහණ හමුදා පෙළපාලි නෑ.. අඩු වියදම් සංස්කෘතික සංදර්ශනයක් සහ බත්තරමුල්ලේදී රණවිරු සැමරුමක් පමණයි

colombotoday

ඊයේ ඇරඹු ලංගම වර්ජනය අවසන්

colombotoday

ත්‍රිවිධ හමුදාව උතුරේ වැසියන් දස දහසකගේ ජීවිත බේරයි… මහ වැසි නොතකා දිවා රාත්‍රී සේවයේ…

colombotoday

පොලිස් නිලධාරියගේ දුක්ගැනවිල්ලට පොලිස්පතිගේ විසදුම

Admin

ද්‍රවිඩ සන්ධානයට පූස් පැටවු වුණත්, වැලිකඩ ඉන්නේ දරුණු කොටි

colombotoday