Colombo Today Local News

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

ලබන 14 වැනි දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බහුතර මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි.

ලබන 14 වන දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා අද (07) පස්වරුවේ පැවති පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන හමුවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් කථානායක මාධ්‍ය අංශය මේ බව සඳහන් කරයි.

පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ජනාධිපතිතුමන්ගේ කැඳවීමේ නියෝගය සභාව වෙත කියවීමෙන් පසු දව‍සේ වැඩකටයුතු අවසන්කර එදිනට සභාව කල්තැබිය යුතු බවට එදින න්‍යාය පත්‍රය පිළිබඳව රජයේ ස්ථාවරය වී ඇත.

අනෙකුත් පක්ෂ නියෝජිතයන් එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් දැරූ අතර එම පාර්ශවය විසින් පෙන්වා දී ඇත්තේ එදිනට නියමිත වැඩකටයුතුවලට අමතරව ස්ථාවර රජයක් පිළිබඳව බහුතර‍යේ මතය පාර්ලිමේන්තුව තුළ විමසා බැලිය යුතු බවයි.

දෙපාර්ශවයටම සවන්දුන් කථානායකවරයා ස්වකීය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් මෙහිදී පවසා ඇත්තේ, මන්ත්‍රීවරුන් 116 දෙනෙකු විසින් ලිඛිතව මින් පෙරද තමා වෙත ලබා දී ඇති පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් එදිනම සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශකිරීමට අවස්ථාව සැලසිය යුතු බවයි.

Related posts

මන්ත්‍රීවරුන්ගේ තොරතුරු 20 පෙර ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම් ඉල්ලයි

colombotoday

අගමැතිගේ ආර්ථික කමිටුව ජනපති අහොස් කර දමයි !

colombotoday

‘සයිටම් විතරක් මදි.. තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 15ක් ඇතිකළ යුතුයි‘ – දඹර අමිල හිමි

colombotoday

දේශපාලනය උඩු යටිකුරු වෙයි… මහින්ද නැවතත් ජනපතිවරණයට !!

colombotoday

එන්නත් නොගත් අයට බස් ගමන් තහනම් වන ලකුණු

colombotoday

මගේ අමාත්‍යාංශයට දී ඇත්තේ බෝඩ් ලැලි අයතන 04ක් පමණයි… මගෙන් පලි අරන්…

colombotoday