Colombo Today Local News

හෙළ උරුමයේ නිශාන්ත, නිරෝෂා පිල් මාරු කරයි… බස්නාහිර සභාවේ ගාලගෝට්ටියක්…

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නිරෝෂා අතුකෝරළ යන මන්ත‍්‍රීවරු විපක්‍ෂයේ අසුන් ගත්හ.

ඔවුන් දෙදෙනා ජාතික හෙළ උරුමය නියෝජනය කරති.

එම මන්ත‍්‍රී දෙපළ විපක්‍ෂයේ අසුන්ගැනීමත් සමඟ සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් සභාව විනාඩි 15කට කල්තැබීමට සභාපති සුනිල් විජේරත්න මහතා තීරණය කළෝය.

මෙම දෙපළ විපක්‍ෂයේ අසුන් ගැනීමත් සමඟ එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් නැගී සිටිමින් ජනාධිපතිවරයාට හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට දෝෂාරෝපණය කළ අතර ඒ අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් නැගී සිටිමින් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රමුඛ  එක්සත් ජාතික පක්ෂයට  චෝදනා කරන්නට වීමෙන් මෙම තත්ත්වය ඇතිවිය.

Related posts

මඩකලපුවේ අමීර් අලීගේ වනසංහාරක ගෝලයෝ නඩු නැතිවම නිදහස්.. එකම රටක්, ඇයි නීති දෙකක් !

colombotoday

ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට !

colombotoday

අද පූර්ණ සූර්යග්‍රහණයක්

Admin

බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කරන්න අනුමැතිය

Admin

නිවසක් කොල්ලකෑමට ආ හොරා අඹුසැමි යුවළකගෙන් මන්නා පහර කයි

Admin

විදේශීය යාත්‍රාවලට ශ්‍රී ලංකා ධජය යටතේ මෙරටට අයත් මුහුදේ ධීවර කටයුතුවලට රජය අවසර දෙයි

colombotoday