Colombo Today Local News

දුමින්ද දිසානායකගේ සහය නව රජයට හිමිවේ. අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම අද

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාගේ සහය නව රජයට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඊයේ (10) සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ අයිතීන් සුරැකීමේ කොන්දේසි මත දුමින්ද දිසානායක මහතා එකඟ වූ බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙන්නේ.

ඒ අනුව දුමින්ද දිසානායක මහතා අද සවස 6ට අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතව ඇති අතර කිසිදු අමාත්‍යංශයක් හෝ වරප්‍රසාදයක් ඔහු ඉල්ලා නොමැති බවත් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අමාත්‍යංශයක් ලබාදීමට නියමිතව ඇති බවත් එම වාර්තා පවසයි.

Related posts

හන්තාන රක්‍ෂිතයේ තවත් අක්කර තුන්දහසක් විනාශයි. බලධාරීන්, නිලධාරීන්, ප‍්‍රභූන් අතින් විනාශ වෙන ජාතික උරුම

colombotoday

කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

Admin

ජනපති නිවේදන අභියෝගයට ලක් කළ නොහැකියි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැහැ – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Admin

ලිංගික අල්ලස් ගත් කල්මුණේ SI රිමාන්ඩ්

Admin

MKDS අභාවප්‍රාප්ත වෙයි

colombotoday