Colombo Today Local News

UN, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය දේශපාලන පරිවර්තනය පිළිබඳව කනස්සල්ලෙන්

අද (2018.10.31) පස්වරුවේ පාර්ලිමේන්තුව වෙත පැමිණි

  • එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හන්නා සින්ගර් (Mrs.Hanna Singer),
  • ‍යුරෝපා සංගම් තානාපති මාර්ගියු ( HE.Mr.Margue) ,
  • බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩව්රිස් (H.E.James Dauris),
  • කැනඩා තානාපති ඩේවිඩ් මැකින්නොන් (H.E.David Mackinnon) ,
  • ජර්මානු තානාපති ජෝන් රොද්ඩ් (H.E.Jorn Rohde)

යන අය කථානායකවරයා හමු වූහ.

එම පිරිස වර්තමානයේ උද්ගත වී ඇති තත්වය පිළිබඳව කථානායකවරයා සමග විශේෂ සාකච්ඡාවක නිරත වූහ. සිදුවූ අනපේකෂිත දේශපාලන පරිවර්තනය පිළිබඳව සිය කනස්සල්ල පල කල ඔවුහු මේ තුලින් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු විය හැකි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව ද පෙන්වා දුන්හ.

මෙහි දි, කථානායකවරයා සදහන් කලේ තමා අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවීමට අපේකෂා කරන අතර, එහිදී පැනනැගී ඇති තත්වයට ව්‍යවස්තානුකූලව සහ ප්‍රජාතන්ත්‍රවාදීව කඩිනමින් විසදුමක් ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එබැවින්, ශ්‍රී ලංකාවට එ‍රෙහි කිසියම් හෝ රාජතාන්ත්‍රීක ක්‍රීයාමාර්ගයන්ට යොමු වීමට ඉක්මන් නොවන ලෙස ද කථානායකවරයා ‍ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

කථානායක මාධ්‍ය අංශය

Related posts

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Admin

රටම බලා සිටි, ජනපතිගේ විශේෂ ප්‍රකාශය හෙට !

colombotoday

එක්සත් ජාතීන්ගෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360ක්

Admin

සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් ගැන අගමැතිගේ අවධානය

colombotoday

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඇරඹේ

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවය කුප්‍රකට කොටි ඒජන්තයෙකුට විකුණා දැමීමේ තැතක්… කැබිනට් පත්‍රිකාව සූදානම්

colombotoday