Colombo Today Local News

රජයේ සියලු කටයුතු සිදු කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි – ජනපති UNඑකට දන්වයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා සිංගර් (Hanaa Singer) මහත්මිය අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව මෙහි දී ජනාධිපතිතුමා නියෝජිතවරිය දැනුවත් කළ අතර, රජයේ සියලු කටයුතු සිදු කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ද පැහැදිලි කළේ ය.

එමෙන්ම රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බව සඳහන් කළ ජනාධිපතිතුමා එක්සත් ජාතින්ගේ සංවිධානය ශ‍්‍රී ලංකාවට සෑම අවස්ථාවකම ලබා දෙන සහය ඇගැයීමට ලක් කළේ ය.

මෙහි දී අදහස් දැක්වූ හානා සිංගර් මහත්මිය සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියට ද ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවයි.

Related posts

20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක්

colombotoday

රට ගිනි තියන NGO පච නඩය වීදි බසී.. ඇමති විජයදාසව පරසක්වල ගහන්න ඉල්ලයි (Photo)

colombotoday

13හැවිරිදි දරුවාගේ යකඩ පොලු පහරින් මිත්තනිය මරු දකී

colombotoday

මාතලේ- නාඋලට කැරළි මර්ධනය කැදවයි.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

බ්‍රික්ස් සාමාජිකත්වය ගන්න සූදානම්

Admin

නාලක සිල්වා නැවතත් ඇතුලට…

colombotoday