Colombo Today Local Newsextremism & terrorism activities

මොහොමඩ් නබිට අපහාස කලායැයි මරණ දඬුවම නියම වූ කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කරයි

දේව අපහාසයක් යටතේ මරණ දඬුවමට යටත්ව සිටි පාකිස්තාන කාන්තවකගේ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබේ.

ආසියා බිබී 2010 වසරේදී මෙසේ මරණ දඬුවමට නියම වී තිබුණේ සිය අසල්වාසීන් සමග ඇති කරගත් දබරයකදී මොහම්මද් නබි නායකට අපහාස කළේ යැයි චෝදනා ලබමිනි.

ක්‍රිස්තියානි ජාතිකයෙකු වූ බිබී තමාට පැනවූ මරණ දඬුවම හමුවේ තමා නිර්දෝෂී බව කියා සිටියත් මේ දක්වා වසර 8ක කාලයක් ඇය හුදකලාව බන්ධනාගාරගත කර තිබුණි.

කෙසේ වෙතත්, අධිකරණය විසින් ලබාදුන් මෙම තීන්දුවට එරෙහිව පාකිස්තාන අන්තවාදී පිරිස් චෝදනා කරන අතර, ඔවුන් පවස්නේ දේව අපහාස නීතිය තදින්ම රට තුළ ක්‍රියාත්මක විය යුතු බවයි.

ඉස්ලාමාබාද් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදෙන විට අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු බවද විදෙස් වාර්තා පවසයි.

මේ අතර, කරච්චි, ලාහෝර් සහ පේෂාවර් යන නගරවල ජනතාව ඒකරාශී වෙමින් මෙම තීන්දුවට එරෙහිව නැගී සිටින බවද විදෙස් වාර්තා පවසන අතර, රාවල්පින්ඩි සහ ඉස්ලාමාබාද් අතර පාරවල් ජනතාව අහුරා ඇති බවද සඳහන් වෙයි

Related posts

ආණ්ඩුවේ අලුත් මහානායක තුන් කට්ටුව මෙන්න.. මහා සංඝ භේද කුමන්ත්‍රණයක් !

colombotoday

අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා – විශේෂ බලකාය අභිමානවත් 23 වන සංවත්සරය සමරයි !

colombotoday

කෝවිලකට අයත් ඉඩමකින් ජීව ගුවන් බෝම්බයක් මතු වෙයි

colombotoday

වීරකුමාරට නීතිය හා සාමය රාජ්‍ය ඇමතිධුරය !!

colombotoday

විදෙස්ගතව සිටි ශ්‍රි ලංකිකයන් පිරිසක් දිවයිනට පැමිණේ

colombotoday

මාර්තු මාසයේදී වාහන මිල දෙගුණයකින් වැඩි වේ ?

colombotoday