Colombo Today Local News

මතභේදාත්මක ටෙන්ඩර් ගනුදෙණු ලිපිගොණු පිටකරන්න හදලා… ජනපති අනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සීල් තියයි…

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ ජනාධිපති විශේෂ විමර්ශන අංශය මගින් පෙරේදා (27 දා) සෞඛ්‍ය අමාත්‍යාංශයට සීල් තබා ඇත.

මත භේදාත්මක ටෙන්ඩර් ගනුදෙනු අඩංගු ලිපි ලේඛන රැසක්‌ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් රැගෙන යැමට උත්සාහ දරණ බවට පෙරේදා ජනාධිපති විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක්‌ මත එම ඒකකයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ පැමිණ සීල් තැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසීය.

රාජකාරී නිවාඩු දිනයක්‌ වූ පෙරේදා කිසියම් අයෙකුගේ උපදෙස්‌ මත ලිපි ලේඛන රැගෙන යැමට නිලධාරීන් පිරිසක්‌ පැමිණියාදැයි විශේෂ විමර්ෂණ ඒකකයේ අවධානය යොමු කර ඇති අතර සීල් තැබීමෙන් පසු කිසිවකුටත් ඇතුළුවීමට නොදෙන ලෙස එහි ආරක්‌ෂක අංශයට උපදෙස්‌ දී ඇත.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ සභාපති සරත් ලියනගේ  සහ කළමනාකාර අධ්‍යක්‍ෂ  රූමි මොහොමඩ් යන මහත්වරුන්ට අයත් කාර්යාලවලටද සීල් තබා ඇතැයි එම ආරංචි මර්ග වැඩිදුරටත් පැවැසීය.

Divaina

Related posts

පාසලක් පිටුපස ඉඩමකින් ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගනී

colombotoday

මුහුදු රැල්ලට හසු වූ සරසවි සිසුවෙක් මරුට

Admin

කටුනායක ඇගළුම් කම්හලක තවත් සේවකයින් 11 කට කොරෝනා

colombotoday

ශ්‍රී ලංකාවේ සිට හදාරන මැලේසියානු උපාධි මැලේසියාවේ හෝ ලෝකයේ අනෙකුත් රටවල පිලි නොගනී.

colombotoday

හෙට සිට විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

Admin