Colombo Today Local News

ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනිද? නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන සඳුදා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමට අදාළ විශේෂ පනත්කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම් ලබන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා විසින්ම කරුණු දැක්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව හතක් විසින් අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

දින දෙකක් තිස්සේ එම පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවතුණි.

ඊයේ (19) පස්වරුවේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී සිටියේ අදාල පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත තීරණය කථානායකවරයා වෙත යොමු කරන බවයි.

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කියා සිටින්නේ රජය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමට අදාළ විශේෂ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත වගන්ති සමහරක් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

ඒ තුළින් මානව හිමිකම් උල්ලංඝනය වීමක් මෙන්ම ස්වෛරීභාවයට ද අගතියක් සිදුවන බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

වන්නි සෙන්පතියන්ගේ ඉරණම තීන්දු කරන යුධ අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණය ලබන සතියේ වැඩ අරඹයි

colombotoday

රාජ්‍ය ඇමතිනී විජයකලා ජාතික කොඩිය ඔසවන්න බෑ කියයි

colombotoday

රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Admin

අරගලකරුවන් ඇතුළු වූ ගෝඨාභයගේ කාර්යාලයත් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට

Admin

මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි | දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

colombotoday