Colombo Today Local News

රටම බලා සිටි ඉන්ධන මිළ සූත්තරේ මෙන්න…

ඉන්ධන සඳහා පවතින මිල සූත්‍රය සැකසීමේදී මෙම ඉන්ධන වරායේ ගොඩබෑම සඳහා වන පිරිවැය, එය සැකසීම සඳහා වන පිරිවැය, පරිපාලන පිරිවැය සහ බදු පිරිවැය යන දර්ශක හතරේ එකතුවෙන් සකස් කරගන්නා ඉන්ධන සඳහා වන උපරිම සිල්ලර මිල (Maximum Retail Price) තීරණය කෙරෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පසුගිය මැයි 10 වැනිදා සිට හඳුන්වාදීම ඇරඹුණු මෙම මිල සූත්‍රය පැහැදිලි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේදී අද (18දා) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් පිහිටවුණු තාක්ෂණික කමිටුවක් හරහා මෙම ගණනය කිරීම් සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම දර්ශක හතර යටතේඉන්ධන වරායේ ගොඩබෑම සඳහා වන පිරිවැය V1 ලෙස හඳුන්වා ඇත. සැකසීමේ පිරිවැය V2 ලෙසත් පරිපාලන වියදම V3 සහ බදු පිරිවැය V4 ලෙසත් නම් කර තිබේ.

මෙහිදී වරායේ ගොඩබෑම සඳහා වන පිරිවැය යටතේ බැරලයක් සඳහා වියදම් වන සිංගප්පූරුවේ ප්ලැට්ස් මිල මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වටිනාකමද සැලකිල්ලට ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. එසේම V2ලෙස හැඳින්වෙන සැකසීමේ පිරිවැය සඳහාවරාය ගාස්තු, ප්‍රවාහන නාස්ති, වෙළෙඳ නියෝජිතයාගේ වට්ටම් සහ වාෂ්පවීම් මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම්ද ඇතුළත්වෙයි.

V3ලෙස හැඳින්වෙන පරිපාලන පිරිවැය යටතේ සේවක වැටුප්, දීමනා වැනි පරිපාලන වියදම්ද රුපියලේ අගය අවප්‍රමාණයවීමද ඇතුළුව අනෙකුත් ආයතනික වියදම්ද ඇතුළත් වෙයි. මීට අමතරව V4 ලෙස සඳහන් වන බදු පිරිවැය යටතේ රේගු ආනයන බදු, වරාය සහ ගුවන් තොටුපොල සංවර්ධන බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු අයත් වන බව අනාවරණය කෙරිණි.

“බැලූ බැල්මට මෙම මිල සූත්‍රය සරලයි. ඒත් ඒ ඇතුළේ කාරණා ගොඩක් තියෙනවා. මෙතැනදි හුඟ දෙනෙක් බදු ගැන කතා වෙනවා. ඒත් කලාපයේ සහ අනෙකුත් රටවල ඉන්ධන සඳහා අය කරන බද්දට සාපේක්ෂව ගත්තොත් අපේ රටේ බදු අය කිරීම පහළයි” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී උදාහරණයක් ලෙස ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ පැට්‍රල් ලීටරයක් සඳහා වන බදු ප්‍රමාණය රුපියල් 82.14 ක් බවත්, ඩීසල් සඳහා එය රුපියල් 57.52 ක් බවත් පැවසුණි. එහෙත් ශ්‍රී ලංකාවේදී එය පැට්‍රල් සඳහා රුපියල් 53.68ක් සහ ඩීසල් සඳහා රුපියල් 35.48 ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Ada.lk

Related posts

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin

රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශය අපයෝජනය කරලා “ඇමතිකමෙන් නෙරපනු” දොස්තර සංගමය වැඩ වර්ජණයක

colombotoday

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

colombotoday

දුමින්දට ජනාධිපති සමාව දීමට එරෙහි නඩුවේ හිටපු ජනපති ගෝඨා වගඋත්තරකරුවකු කරයි

Admin

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

උද්ඝෝෂකයින් නිරෝධායනය කිරීමට අපි නිර්දේශ නිකුත් කර නෑ – PHI සංගමය කියයි

colombotoday