Colombo Today Local News

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්…

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ළඟදීම අභියාචනයක් ගොනු කරන බව නීතිපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

සතොස මුදල් අවභාවිත කළැයි චෝදනාවකට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට පවරා ඇති නඩුව ඊයේ (17) විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ සාක්කි නොකැඳවාම මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කරනු ලැබිණ.

ඒ අනුව ජොන්සටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් , සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනා මෙසේ නිදහස් කෙරිණි.

වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස මුදල් අවභාවිත කළැයි මොවුන්ට චොදනා එල්ලවී තිබු අතර නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තැබීමටද මීට පෙර නඩු විභායේදී අධිකරණයෙන් නියෝග කර තිබිණි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රිමාන්ඩ් බාරයේ සිටියදී ඇප ඉල්ලා ශ්‍රේෂ්ඨධිකරණය හමුවේ ගොනු කරන තිබෙන ප්‍රතිශෝධන පෙත්සම තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යෑමට කටයුතු කරන බව ඒ මහතා ගේ නීතීඥවරයාද පවසයි.

Related posts

මරණ දණ්ඩනය නියම වූ රැඳවියන්ගේ දඬුවමේ වෙනසක් ?

colombotoday

චීනයෙන් ප්‍රතිචාර‍යක් නැහැ… IMF ණය කල් යන ලකුණු

Admin

සිංහරාජය අවට වන ගහනය පවතින පෞද්ගලික ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට තීරණයක්

colombotoday

ලංකාව මව්බිමේදී ලද දැවැන්තම පරාජය ලබයි.. 2019 ලෝක කුසලානයට සුදුසුකම් නෑ !

colombotoday

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා බොරුනම් නඩු දමනු

Admin

දෙවනගල පුදබිමේ නාම පුවරුව පොස්ටර් අලවා වනසා දැමූ එජාප සංවිධායකට විරෝධය

colombotoday