Colombo Today Local News

ජිනීවා අවුලෙන් වමත් ඇවිලෙයි – කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංවිධායකත් අස්වෙයි

comunist partyශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංවිධායක අ.ගා. ජයසේන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ශිෂ්‍ය ව්‍යාපාරයේ සිට කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව දේශපාලනය කළ ජයසේන මහතා එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ මෙන්ම මධ්‍යම කාරක සභාව නියෝජනය කරන ජේ‍යෂ්ඨ සාමාජිකයෙකි. පක්ෂය විනය විරෝධී ලෙස කටයුතු කරන බවට චෝදනාවක් කරමින් ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වීමට හේතු දක්වා ඇති ජයසේන මහතා ඉකුත් 10 වැනිදා පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන්ගේද සහභාගිත්වයෙන් පැවැති පක්ෂයේ ඉහළ පෙළේ අභ්‍යන්තර රැස්වීමකදී ප්‍රකාශ කර තිබෙන්නේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත්වීම හොඳ බවත් ඔහුගේ පරාජයෙන් පසුව සිදුව තිබෙන වෙනස්වීමද හොඳ බවත්ය.

මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයට එකතු වී ජිනීවා යෝජනාවට එරෙහිව ක්‍රියාත්මක කරන්නට යන දේශපාලන ව්‍යාපාරයට කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධ නොවිය යුතු බවට පක්ෂ අභ්‍යන්තරයේ දැඩි විරෝධතාවක් මතුව තිබෙන අතර මධ්‍යම කාරක සභාවේ සියයට 80ට වැඩි පිරිසක් මේ ව්‍යාපාරයට පක්ෂව සම්බන්ධ නොවිය යුතු බවට බලපෑම් කර තිබේ.

මේ මස 24වැනිදා පැවැත්වීමට නියමිත පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී අ.ගා. ජයසේන මහතාගේ ඉල්ලා අස්වීමත්, පක්ෂයේ බහුතරයේ මතය නොසලකා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධවීමට ගත් තීරණය ගැනත් පුළුල් හා උණුසුම් සාකච්ඡාවක් පැවැත්වෙනු ඇතැයිද වාර්තා වෙයි.

Related posts

ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ජෝන් සෙනවිරත්න රජයෙන් ඉල්ලයි

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට

Admin

ජල නලයක් පුපුරා පාසල් යමින් සිටි දියණිය අඩි 16ක වළකට වැටෙයි

Admin

තේරීම් කාරක සභාවට විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසයි…

colombotoday

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

වසර 68කට පසු සුපිරි සඳක් පායයි !

colombotoday