Colombo Today Local News

ඝාතන කුමන්ත්‍රණය ගැන ශෂී විරවංශගෙන් ප්‍රශ්න කරන්න යයි…

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනයට කුමන්ත‍්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගෙන්ද ඉදිරි සතියේ ප‍්‍රශ්න කිරීමට නියමිතය.

මෙම කුමන්ත්‍රණ සිද්ධියට සම්බන්ධ නාමල් කුමාර නමැත්තා සමග සබඳතා පැවැත්වූ බව කියන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයා අවස්‌ථා කීපයකදී විමල් වීරවංශ මහතාගේ නිවසට ගොස්‌ ඒ මහතාගේ බිරිඳ මුණ ගැසී ඇතැයි විමර්ශනවලින් හෙළිවී ඇත.

සැකකාර ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත්තේ විමල් වීරවංශ මහතා හමුවීමේ අදහසින් තමන් ඒ මහතාගේ බිරිඳ මුණ ගැසුණු බවයි.

විමල් වීරවංශ මහතාගේ ජීවිතයට තර්ජන ඇතැයි තමා පුවත්පත්වලින් දුටු බවත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ඒ මහතා හමුවීමට උත්සාහ කළ බවත් සැකකාර ඉන්දීය ජාතිකයා ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.

එහෙත් මෙම පුද්ගලයාගේ ඇතැම් ප්‍රකාශ ගැටලු සහගත බවත් එම කරුණු නිරාකරණය කර ගැනීමට ශෂී වීරවංශ මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්‌ පැවැති බවද සැකකාර ඉන්දීය ජාතිකයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මෙම ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ නාමල් කුමාර නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ දැනුම් දීම අනුවය.

සැකකාර ඉන්දීය ජාතිකයා මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටියි.

Divaina

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හැර යයි

colombotoday

බස්නාහිර අවුරුදු 30ට වැඩි සියල්ලටම ජුලි 31ට පෙර එන්නත්

colombotoday

ලඟදි විවාහ වෙන්නද ඉන්නේ? විවාහ උත්සව සඳහා බලපාන නවතම නීති මෙන්න

colombotoday

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

colombotoday

අය-වැයට එරෙහිව රට පුරා අද වර්ජන!

colombotoday

ඇලෝසියස් හා රාජපක්ෂලා අතර ඇති සම්බන්ධය ඇමති පී. හැරිසන් හෙළිකරයි…

colombotoday