Colombo Today Local News

නන්දිකඩාල් කලපුවෙන් හමුදාව ඉවත් කරයි… කාන්තා බළඇණියක් අනුයුක්ත කරයි…

හමුදා යථා යෝග්‍යකරණය යටතේ නන්දිකඩාල් වෙල්ලමුල්ලිවයික්කාල් කලපුව ප‍්‍රදේශයේ ස්ථානගතව සිටි පාබල හමුදා බළඇණිය ඉවත් කර දෙහිඅත්තකණ්ඩියේ ස්ථානගතව සිටි 3 වැනි කාන්තා බළඇණිය ස්ථානගත කර ඇත. මෙම කාන්තා බළඇණිය ස්ථානගත කර මාසයක් පමණ වේ.

යුද්ධයෙන් පසු කොටි හිතවාදීන් වැඩි වශයෙන් යුද සැමරුම් පැවැත්වූයේද මේ අවටය.

හමුදා සාමාජිකාවන්ට දිවයිනේ ඕනෑම ස්ථානයක රාජකාරි කළ යුතු වුවත් මෙහි දුෂ්කරතා රැසක් ඇත. ජල පහසුකම් සපයා ගැනීමේදී ද දුෂ්කරතා මතුව ඇත.

මෙම යථායෝග්‍යකරණය යටතේ ප‍්‍රදේශය පුරා විසිරී සිටි සෙබළුන් සීමිත කඳවුරු කිහිපයකට ගොනු කිරීම නිසා ප‍්‍රශ්න රැසක් උද්ගතව ඇත. මේ යථායෝග්‍යකරණයේ ප‍්‍රායෝගික භාවය ගැන ගැටලූ රැසක් පැන නැඟී ඇති බව හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

එමෙන්ම නන්දිකඩාල් කලපුව අසලට කාන්තා බළඇණියක් ස්ථාපිත කිරීමෙන් ආරක්ෂාව තර වන්නේ දැයි බොහෝ දෙනා විමතිය පළකරති.

මේ යථා යෝග්‍යකරණය ප‍්‍රායෝගික නොවන බව හිටපු හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද ප‍්‍රකාශ කර තිබිණි. ඒ නිසා මහත් ආන්දෝලනයක් ඇතිවිය.

චතුර පමුණුව  – දිවයින

Related posts

රඹුක්කන ජනතා විරෝධයට පොලීසියෙන් වෙඩි – අයෙක් මරුට

colombotoday

ශ්‍රීපාද අඩවිය ආක්‍රමණයට අරාබි ජාතිකයෝ උඩින් බහී.. අරමුදල් සෞදියෙන්.. අනුග්‍රහය එටිසලාට් !

colombotoday

“හිටපු කොටින්ට විෂ එන්නත් කිරීමේ චෝදනාව: සාක්කි හොයාගන්න බැරිවුණා” – TNA

colombotoday

‘අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනතට‘ ජනපති අත්සන් තබයි !

colombotoday

වෙරිමතින් අධිවේගයේ බයික් පැද්ද රාලහාමි මෝටර් රථයක ගැටෙයි

colombotoday

සරසවි ඇදුරන් නොගෙවූ මිලියන 813 අර්ථ සාධකයෙන් කපාගන්න යයි

colombotoday