Colombo Today Local News

යහපාලනය අසාර්ථකයි.. භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න – ත්‍රෛනිකායික මහ සගරුවන සහ සියලු ආගමික නායකයන් යෝජනා කරයි..

රට මේ මොහොතේ මුහුණදී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය හා කතෝලික ආගමික නායකයන් ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් සූදානම් වෙති.

මේ සඳහා සියලු දේශපාලන පක්ෂවල සහය ලබා ගනිමින් සර්ව පාක්ෂික සමුළුවක් පවත්වා රට වෙනුවෙන් කැපවීමක් කළ හැකි මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවනු ලබන භාරකාර ආණ්ඩුව යටතේ කඩිනමින් මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවටද යෝජනා වී ඇත.

මේ වන විට පවත්නා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බැවින් රටේ මහජනතාව බරපතළ පීඩනයකට පත්ව ඇති බැවින් භාරකාර ආණ්ඩුව පිළිබඳ යෝජනාව ආගමික නායකයන් විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම යෝජනාව ලබන සතිය වන විට ඉදිරිපත් වනු ඇතැයි දැනගන්නට තිබේ.

Lakbima

Related posts

බූස්ස බන්ධනාගාරයේ ඉන්දියන් ජාතික සැකකරුවෙක් නිලධාරියෙකුට පහර දෙයි

Admin

වචනවලට රැවටී මව්බිමට දෝහී නොවන්න.. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි වන්න

colombotoday

වතුකම්කරු වැටුප 50 කින් ඉහළ දමනවා – නවීන් දිසානායක

colombotoday

විග්නේෂ්වරන්ගේ ජාතිවාදී වියරුවට එරෙහිව, බොදු බලේ 30 වව්නියාවට

colombotoday

හමුදාපතිට තවත් තනතුරක් !

colombotoday

ගාල්ලේ ජනපති ශිෂ්‍යත්වය “සුළඟ” කඩා කප්පල් කරයි

Admin