Colombo Today Local News

හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියැයි සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් වෙයි…

යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ බුදු කුටියක් සෑදීමට උත්සහ කරන ලදැයි කියන සිද්ධියක් පාදක කරගනිමින් තමන්ට විශ්ව විද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට පාලනාධිකාරිය ගත් තීරණය තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බව සදහන් කරමින් එම විශ්ව විද්‍යාලයේ සිසුන් 6 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති, විශව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිශන් සභා සභාපති, උසස් අධ්‍යාපන ඇමති ඇතුළු 9 දෙනකු නම් කර තිබුණි.

යාපනය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය හා මානව සම්පත් පීඨයේ නේවාසිකාගාරයේ බුදුකුටියක් තැන්පත් කිරීමට අදාළ සිසුන් ඉකුත් ජනවාරි මාසයේදී සූදානම් වී ඇති අතර ඊට පාලනාධිකාරිය විරුද්ධ වී තිබේ.

එම බුදුකුටිය සෑදීමට මූලිකත්වය ගත් සිසුන් 6 දෙනකුට විශව විද්‍යාලයට ඇතුලුවීමට පාලනාධිකාරිය ඉන් අනතුරුව කටයුතු කර තිබිණි.

ඒ හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇතැයි සිසුන් චෝදනා කර සිටියි.

යාපනය විශ්ව විද්‍යාලය තුළ එල්ටිටීඊ සංවිධානයට සහය පළකරන මහවිරු සැමරුම් ඇතුලු සැමරුම් ගණනාවක් කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට පාලනාධිකාරිය ඉඩ ලබාදී ඇති බව ද අදාළ සිසුන් සිය පෙත්සම මගින් වැඩිදුරටත් දන්වා සිටියි.

Rivira

Related posts

අද සිට දින පහක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

colombotoday

එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම

colombotoday

සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහසු කිරීමට මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක්

colombotoday

තවත් ප්‍රධාන තෙල් පිරිපහදු 3ක් අලුතින් ඉදිකිරීමට සැලසුම්.

colombotoday

කඩු හමුවූ එකේ පුදුමය කුමක්ද? රවූෆ් හකීම් අසයි

colombotoday

අද – හෙට හා අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ

colombotoday