Colombo Today Local News

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

සාමය පවතින යුගයකදී යුද හමුදාවට පොලිස් බලතල ලබාදීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

නීතිය හා සාමය ආරක්ෂා කිරීම, රට තුළ විනය පවත්වාගෙන යෑමට පොලීසියට අනුයුක්තව විශේෂ කාර්ය බළකාය පිහිටුවා තිබෙන බවත්, ක්ෂ්ත්‍රයේ වගකීම ඉටු කිරීමට පොලිසියට නොහැකිවීම ගැටලුවක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

පොලීසියට නිසි නායකත්වයක් නොමැතිවීම නිසා රට තුළ නීතිය ආරක්ෂා කිරීමට නොහැකිවී තිබෙන බවත්, එහි වගකීම බාරගෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලා අස්විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.

 

Related posts

මත්පැන් සාදයකසිටි තිදෙනා සිහි මුර්ජා වෙයි – දෙදෙනෙක් මරුට

colombotoday

මිතුරියන් දෙදෙනා ලිපියක් ලියා එකටම අවසන් ගමන් යයි

Admin

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

colombotoday

ඔමික්‍රෝන් ඇතුළුවීම වලක්වන්න රජය සියලූ ක්‍රියාමාර්ග ගෙන අවසන් – නාමල් රාජපක්ෂ

colombotoday

රස කවපු විස පනතක් පාර්ලිමේන්තුවට…

colombotoday

ලංකාවෙන්ම 1 වූ පොලිස් OICට දේශපාලන මාරුවක්

colombotoday