Colombo Today Local News

නෙළුම් කුළුණට මංගලගෙන් අලුත් නමක්…

කොළඹ නෙලුම් කුළුණ පගා කුලුන ලෙස හඳුන්වන බවත් එය පගාවේ සංඛේතය බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මාතරදී පැවැති එක්සත් ජාතික පක්ෂ ජන හමුවකදී ඔහු මේ බව ඊයේ (30දා) පැවැසීය.

“අපි මිල සුත්‍රය සූත්‍රය හඳුන්වා දුන්න එකේ වාසිය ජනතාවට දෙන්නේ. අවසනාවකට එදා ඉඳල ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියා. නමුත් ඒක අඩු වුණොත් ඒ වාසිය නිසැක වශයෙන් ම මේ සූත්‍රය යටතේ ලැබෙන්නේ ජනතාවට.

එදා තෙල් බැරල් එක අඩුම මට්ටමට වැටිල තියෙන වෙලාවේ උසාවියෙන් මිල අඩු කරන්න කියල දීපු තීන්දුව ක්‍රියාත්මක නොකළ මහින්ද රාජපක්ෂ මහත්තයා අද මිල සූත්‍රය ගැන කතා කරනවා.

කොළඹ නෙළුම් කුලුනට කියන්නෙ පගා කුලුන කියල. පගා ගැසීමේ සංඛේතය තමයි ඒක. පොහොට්ටුව කියන්නෙ පගාවේ සංඛේතය.”

Related posts

කොළඹ කොටස් වෙළෙඳපොළට එක්වීමට යන අලුත්ම සමාගම මෙන්න

Admin

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට නිලධාරීන් පත් කෙරේ

colombotoday

ඉන්දියාවෙන් ගෙනා බිත්තරවලට අනුමැතිය හිමි වෙයි

Admin

2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

Admin

බැඳුම්කර ජනපති කොමිසමේ සාක්කි විමසීම අත්හිටුවයි !

colombotoday

අඩු ටෙන්ඩරය අහෝසි කර වැඩි මිලට ගෑස් අරන් : පරීක්ෂණයක් කරන්න කෝප් කමිටුවෙන් නිර්දේශ

colombotoday