Colombo Today Local News

වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ භාවිතය සීමා කරන්න ඕන – රුපියල ගොඩගන්න හැටි මුදල් ඇමති කියයි

මෑත ඉතිහාසයේ රුපියල අවප්‍රමාණය වූ ඉහළම අගය වාර්තා වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළදී බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ එම කාලසීමාවේදි රුපියල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් වැනි විශාල මුදලක් යෙදවූවත් එය පාලනය කර ගැනීමට අවස්ථාවක් නොලැබුණ බවයි.

“ අද ලෝකයේ ඇතිවී තිබෙන නව තත්ත්වයන් හරහා පරිවර්තනයන් ඇතිවෙමින් තිබුණත් අපි ශක්තිමත්ව ආර්ථිකය ඉදිරියට ගෙනි යනවා.

අපේ ආර්ථිකය අවුරුදු 60 ගණනකට පසුව මේ වසරේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පෙන්වූවා. ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් අපනයනය කළේ පසුගිය වසරේදීයි.

ඉතිහාසයේ වැඩිම මුදලක් සෘජු විදේශ ආයෝජන ලෙස ලැබුණේ පසුගිය වසරේදී. උද්දමය අඩු මට්මකින් පවත්වාගෙන යනවා. රුපියල අවප්‍රමාණය වීමෙන් අපහසුතා ඇතිවෙනවා. ඒක මම පිළිගන්නවා. මේ හේතුවෙන් ගොඩක් දුරට බලපාන්නේ පිටරටින් එන භාණ්ඩ වලට.

ඒ නිසා අපි හැකිතාක් දුරකට වාහන ගෙන්වීම සීමා කරන්න ඕන. පිටරටින් සුඛෝපභෝගී භාණ්ඩ පාවිච්චිකරන එක අඩුකරගන්න ඕන. හැකිතාක් දුරට දේශීය කර්මාන්තවලට නව ජවයක් දෙන්න පුළුවන්.”

Related posts

පියයුරු පිළිකා සෛල නසන මීමැසි විස

colombotoday

පාසල් නැවත ආරම්භ කිරිමට හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

කිසිම වෙලාවක ආදාහනය කරන්න බෑ. ෆාත්වා නිකුත් කලේ උලමා සභාව. අසාද් සාලි කියයි.

colombotoday

අරගලය හේතුවෙන් මියගිය ගණන 7 දක්වා ඉහලට

colombotoday

මන්ත්‍රී ආරක්ෂක සැරයන්ගේ පිස්තෝලය සොරා ගත් පුද්ගලයා අත්අඩංගුවට

Admin

රිෂාඩ් බදුර්දීන් විල්පත්තුවෙන් දැව ඝන මීටර දහස් ගණනක් සොරකම් කරලා

colombotoday