Entertainment

ආදරය දැනිච්ච, ආදරය ලැබිච්ච , ආදරය නැති වෙච්ච හිත් වලට… සබකෝල සබන්බෝල

ආදරය දැනිච්ච, ආදරය ලැබිච්ච , ආදරය නැති වෙච්ච හිත් වලට… දැනෙන විදියේ කවි කීපයක් එකතු වෙච්ච ආදරණීය කවි පොතක් තමයි සබකෝල සබන්බෝල කියන්නේ.

ආදරය කියන්නේ වචන වලට පෙරලන්න ලේසි හැඟීමක් නෙවෙයි…
ඒ වගේම ආදරය නැති වුනාම දැනෙන දුක, තනිකම, පාළුව වචන වලට පෙරලන්නත් අමාරුයි.
හැබැයි මේ කවි පොත කියවන කොට ඒ සියලූ හැඟීම් හරි සුන්දරව විඳින්න පුළුවන් වීම විශේෂත්වයක්.

මූණු පොතේ අවුරුදු ගාණක් තිස්සේ පළ කරපු සුන්දර කවි කිහිපයක් එක තැනකට ගෙනත්, මූණු පොතෙන් සැබෑ පොතක සටහන් කිරීම තවත් විශේෂත්වයක්.

මේ පොත මගින් යොවුන් හිත් වලට කාලෙකට පස්සේ කවි පොතක් ඇතුලේ අතරමං වෙන්න අවස්ථාව උදා වෙලා තියනවා.

පොතේ නම – සබකෝල සබන්බෝල
කතෘ – ගිහාන් රුද්‍රිගු
පොත එළි දැක්වීම – සැප්තැම්බර් මස 23 වන ඉරු දින උදෑසන 11.30ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ

Related posts

“ගීතයේ හා සංගීතයේ විශාල පිරිහීමක්” – වික්ටර් රත්නායක

colombotoday

මිනිස් වාසයක් අහලක නැති, ලොවෙන් සැගවුණු අරුම තැනක් !

colombotoday

සනී ලියොන් : ලිංගික චිත්‍රපට, ජීවිතය හා දරුවන් ගැන කතා කරයි

colombotoday

අහන්න ඕනෑදේවල් ඕනෑතරම් අහලා ඉවරයි. මම කවදාවත් කසාද බඳින්නේ නැහැ – උදයන්ති

colombotoday

ටැලන්ට් ෂෝ එකට ආව රුසියානු ජනපති පුටින්

colombotoday

අධිරාජ්‍ය ආක්‍රමණයට එරෙහිව නැගූ සිංහලේ පොදු ජන අරගලයක සිනමාරූපකරණය ‘සක්කාරං’

colombotoday