Colombo Today Local News

ජනපති සහ ගෝඨාභය ඝාතන කුමන්ත‍්‍රණය හෙළි කළ නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක්…

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතන කුමන්ත‍්‍රණය හෙළි කළ නාමල් කුමාර නමැත්තා පොලිස් ඔත්තුකරුවෙකු බව කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

විවිධ අවස්ථාවන්හිදී පොලිසියට අවශ්‍ය තොරතුරු මොහු ලබාදී ඇතැයිද රෝහින්ග්‍යා සරණාගතයන් පිළිබඳව ඔත්තු ලබාදීම නිසා ඔහුට රුපියල් ලක්‍ෂ 5 ක් පොලිසිය ලබාදී ඇතැයිද ඇමැතිවරයා කීය.

එමෙන්ම දිගන ගැටුම පිළිබඳවද ඔහු තොරතුරු ලබාදී ඇති නමුත් මේ වනතෙක් ඔහුට ගෙවීම් සිදුකර නැති බවද කලබලයේ ඔහු එවැනි දෙයක් කිරීමට එම මුදල් නොගෙවීම හේතුවක් විය හැකි බවද හෙතෙම කීය.

කෙසේ වෙතත් මොහු ඉදිරිපත් කළ චෝදනාව බරපතල නිසා අවශ්‍ය විමර්ශන කටයුතු දිගටම සිදුකරන බවද පොලිස්පතිවරයා පරීක්‍ෂණවල ප‍්‍රගතිය ජනපතිට හා අගමැතිට දැනුම්දී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම චෝදනා ලැබ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ හඬ පටයේ ඇති හඬ තමාගේ නොවන බව ප‍්‍රකාශ කර ඇති නිසා ඒ පිළිබඳවත් පරීක්‍ෂණ සිදුකරන බවද සේනාරත්න මහතා කියා සිටියේය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

Divaina

Related posts

බැදුම්කර මගඩියට අගමැති උපදෙස් දුන්නා.. අර්ජුන් කෝප් කමිටුවේදී සාක්ෂි දුන්නා

colombotoday

සජිත්ට දැමූ කොන්දේසි ගැන එළියේ කතා කරන්නේ නෑ – රවී කරුනනයක

colombotoday

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

colombotoday

ගාලුපාරේ ගණිකා නිවාසයක් වටලයි

Admin

පරිප්පු මිළ ඉහළට !

colombotoday

පුංචි මන්ත්‍රීන්ට ලක්‍ෂ 50 ක්… වැඩ හොඳනම් ලක්‍ෂ 100ක්‌

colombotoday