Colombo Today Local News

හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ අප්‍රසාදය

ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

හමුදා ප්‍රධානීන් අනවශ්‍ය ලෙස අත්අඩංගුවට පත්වන අන්දමින් කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයා එහිදී අප්‍රසාදය පළකර අතැයිද වාර්තාවේ.

මේ අතර තරුණයින් 11 දෙනකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින්ට එරෙහිව වහාම නඩු පැවරිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා විසින් අද දහවල් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබූ අතර ආරක්ෂක හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන හිරිහැර කිරීමට එරෙහිව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද පැවැසේ.

ජනාධිපති කාර්යාලයේදී අද දහවල් 12.45ට පමණ ආරම්භ වූ විශේෂ කැබිනට් රැසවීම පැයකට අධික කාලයක් පැවැති බවද වාර්තාවේ.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද දැනගන්නට තිබේ.

තරුණයින් අතුරුදන් කිරීමේ චෝදනාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් විජේගුණරත්න මහතාට එල්ලවී නැතිබවත්, ඔහුට ඇත්තේ සැකකරුවකුට රටින් පැනයාමට උදව් කළ බවට නැගෙන චෝදාවක් පමණක් බවත් ජනාධිපතිවරයාත් ඇමැතිවරුන් කිහිපදෙනකුත් එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ කරුණු මාධ්‍යවලට නොකීමට ඇමැති මණ්ඩලයේදී එකඟත්වයක් ද ඇතිවූ බව වාර්තාවේ.

Related posts

රත්‍රන් තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි

Admin

ජනපති දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී

colombotoday

රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.

colombotoday

UNP මැයි රැළියේ CTB බස් පෝලිම (Video)

colombotoday

ගෝඨාභයට පුළුවන්ද? බැරිද? ජවිපෙ පහදයි

colombotoday

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සියයට 25කින් ඉහළට

colombotoday